Monday, February 27, 2012

එක රැයෙන් ධනවත් වීමට


අන්තර්ජාලේ සැරිසරද්දී මං දැක්ක මේකේ මුලාශ්‍රයක් හොයාගන්න බැරිවුණා. ඒත් වැදගත් දෙයක් නිසා බ්ලොගියේ දැම්මේ

සියලුම ප්‍රශංසා මෙහි මුල් හිමිකරුට හිමිවිය යුතුයි


Sunday, February 26, 2012

රෝස සිතුවමක් දෙවන දිගහැරුම



රෝස සිතුවමක් පළමු දිගහැරුම


අම්මගේ කිරිබත් වලට හොඳ හැටි වග කියූ සඳුන් කාමරයට වී පොතක් බලන විට අම්ම කාමරයට එබුනා

"පුතේ.."

උපන්දිනය දවසේ ජයනිගේ මුහුණ අඳුරු වී තිබුණි..

"ඇයි අම්මේ? මොකද නිකන් අමුතු වෙලා වගේ.."

"ගෙදර හාල් ඉවරයි පුතේ.."

"ඉතින් සල්ලි දෙන්න මං බඩාගේ කඩෙන් හාල් ගේන්නම්"



Friday, February 24, 2012

රෝස සිතුවමක් පළමු දිගහැරුම


දෙසැම්බර් නිවාඩුව ලැබිලත් දින කීපයක් ගතවුණා.. ඒත් ප්‍රගති වාර්තා පොත දකිද්දී මතක් වෙන්නේ ගණන් වලටයි ඉංග්‍රීසි වලටයි ලැබුණු ලකුණු.. තව අවුරුදු දෙකකට පස්සේ එන දෙසැම්බර් වල සාමාන්‍ය පෙළ විභාගයට මෙහෙම වුනොත් කරන්නේ මොකක්ද.. මං මෝඩයෙක්ද?

නවය ශ්‍රේණියේ අවසන් වාර පරීක්ෂණයට ලැබුණු ලකුණු ගැනයි සඳුන් මෙහෙම දුක් වුනේ.

මේ 2003 අවුරුද්දේ දෙසැම්බර්. සඳුන් අකලංක ෆොන්සේකා හිටියේ නවය ශ්‍රේණියේ. ලබන අවුරුද්දේ ඉඳල දහය ශ්‍රේණියේ අධ්‍යන කටයුතු ආරම්භ වෙනවා. අවසන් වාර පරීක්ෂණයට ගණිතයට 36 ක් හා ඉංග්‍රීසි වලට 42 ක් බැගින් ලැබුන ලකුණු නිසා සඳුන් බොහොම කම්පාවෙන් හිටියේ.

සඳුන්ගේ තාත්තා හිටියේ පිටරට. තමුන්ට කියල ගෙයක් හදාගන්න ඕන නිසයි සඳුන්ගේ තාත්ත රට ගියේ. තාත්තා වැඩ කරන තැනින් ලැබුන ලෝන් එක නිසා ඉඩමක් අරගන යම්තාක් දුරකට ගෙදර වැඩ කරගන, තට්ටු දෙකකට හදන්න සැලසුම් කරපු නිවසේ ස්ලැබ් එක දාගන, කපරාදු නොකරපු ගෙදර පොලවට බොරළු තියෙද්දී අනුන්ට ගෙවල් කුලී ගෙවන්න ඕන නෑ පසුකම් අඩුවෙන් හරි තියෙන අපේ තැනට යමු කියල අලුත් ගෙදර පදිංචියට තාත්තා එපා කියද්දී සඳුන්ලා ආවේ අම්මගේ උවමනාවටමයි.

Thursday, February 23, 2012

නවකතාවක් වනකතාවක් තවවතාවක් රෝසසිතුවමක්





මං පොත් කිවන්න කැමතියි, නවකතා පොත් කියවන්නත් කැමතියි. බ්ලොග් කියවිල්ල පටගත්තට පස්සේ එකටත් ඇබ්බැහි වුනා. අන්තර්ජාලෙත් නවකතා පලවෙලා තියනවා මං දැකල තියනවා වගේම පොත් විදියට තිබ්බ නවකතා දැන් ඊ බුක් විදියට ඩවුන්ලෝඩ් කරලා බලන්නත් තියනවා. 


එළකිරි එකේ ආර්ගන් ලියන "තරුවකට පෙම් කලෙමි" වගේම ලාස්ට් රෝ එකේ යන කස්සා ලියන "නමක් නැති ලව් ස්ටෝරියක්" මං මුල ඉඳලම කියවපු නවකතා. කස්සා ලියන විදියට කැම්පස් යන්න බැරිවුණ අපිටත් කැම්පස් ජීවිතේ, කැම්පස් ලවු ගැන චිත්ත රූප මැවෙනවා නිකන් තනි ඇහැට ඇඩේන විදියට. ඒ දවස් වල මං ලාස්ට් රෝ ඇඩ්මින්ගේනුත් ඇහුව කොටස් වශයෙන් යන කතාවක් දාන්නද කියල. ඒත් ඉතින් වෙලාවක් තිබ්බේ නෑනේ.. ඒකට හරියන්න කස්සා ලියනවා පට්ටේටම

Monday, February 20, 2012

රාගය ඇවිස්සු තාලය



මුලින්ම කියන්න ඕන ඉස්සර නම් මාත් ඔය නැගල යන වාද වලට හොඳට කමෙන්ට් දාපු කෙනෙක්.. හැබැයි කවදාවත් ඒක පාක්ෂිකව කමෙන්ට් දාල නෑ. මං හැමදාම මධ්‍යස්තව ඉඳගන තමා කමෙන්ට් දාල තියෙන්නේ. නමුත් ඒ ඇසුරින් ලබල තියන අත්දැකීම් අනුව මට තේරිලා තියෙන්නේ අපේ බහුතර මිනිස්සුන්ගේ තියන ප්‍රබලම ගතියක් තමා තමා කියන දේ පමණක් නිවැරදියි කියන මතයේ සිටීම. ඒ වගේම යම් මතයක් ගැන රැල්ලක් ආවොත් ඒ කියන්න හුගක් දෙනෙක් යම් දෙයක් කී පමණින්ම ඒ දෙය වැරදියි හෝ නිවැරදියි ලෙස හංවඩු ගැසීම. අපේ අයගේ ඔය ගතියෙන් හොඳම ප්‍රයෝජනේ අරගත්තේ අපේ රටේ දේසපාලුවෝ. ඔය ගතියෙන් ඒ මිනිස්සුන්ට ලැබුන දෙයක් ඇති කියල හිතන්න අමාරුයි.. අපේ දේසපාලුවෝ මෙන්ම යම් යම් අන්තවාදීන් ඔය ගතිගුනේ අපේ මිනිස්සුන්ගෙන් එලියට ගන්න ගොබෙල්ස් න්‍යාය නියමෙට පාවිච්චි කරනවා.. ඔය න්‍යාය නියමෙට වැඩ කරපු වෙලාවක් තමා තමුන්ට කඩේයන උන් දේශප්‍රේමී අනිත් උන් දේශද්‍රෝහී ලේබලය ගහපු එක. මං කොහොමත් දේශපාලනය ගැන කතා කරන්න කැමතිම නෑ මොකද ඔය දේශපාලනේ කරන එකෙක්වත් අපිට, රටට තියන ආදරේට නෙමේ ඕව කරන්නේ..

Saturday, February 4, 2012

ලයිසොන් බෝම්බේ



මේ ජීනිගේ දෙවෙනි කතාව.ජීනිගේ පලමු කතාව කියවපු,අදහස්‌ දාපු හැමෝටම ජීනිගෙ බලවත් ස්‌තූතිය!!!!!!!!!!!!


ජීනිගේ අම්මා සමාජයට රටට දැයට සේවයක්‌ කරපු වීර කාන්තාවක්‌.එයා ශ්‍රී ලංකා යුද හමුදා මූලස්‌ථානයේ සේවය කල දක්‍ෂ නිලදාරිනියක්‌.. . කොච්චර කැපවීමෙන් සේවය කලාද කීවොත් 1984 දී සේවයට එකතු උන ජීනිගෙ අම්මා 1999දී විශ්‍රාම යනකල්ම ඒ අවුරුදු 15ම සේවය කලේ කොළඹ යුද හමුදා මූලස්‌ථානයේමයි. කාර්යෂූරකම නිසාම එයාව කිසිම ක්‍රියාන්විත ප්‍රදේශයකට දැම්මෙ නෑ.


ඔන්න දැන් තමයි ජීනි කතාවට එන්ටර් වෙන්නෙ.
ජීනීගෙ අම්මට ඕන වෙනවා ගෙදර තියෙන වාහනෙත් එලවන් එහෙ මෙහෙ රවුමක්‌ ගහන්න ජීනියි ජීනිගෙ නගායි එක්‌ක,ඒත් ඉතින් ජීනිගෙ අම්මට කොයින්ද වාහන එලවන්න ලයිසොන්?ඉතින් මේ ගැන ජීනිගෙ අම්මා ජීනිගෙ අප්පොච්චිට කියල පර්මිසොන් එකත් ගත්තා ඕං ලර්නස්‌ එකකට ගොහින් පෙර පුහුන්වීම් කරල එහෙම වාහන ලයිසොන් එක ගන්න.


Wednesday, February 1, 2012

සුපර් ජීනි ගේ තිත්ත කසාය





ඉහෙන් බහින රෝගයක්‌ නොතිබුන ජීනිට අද නම් සහලෝලා උන හැදිලා.දැන් ටිකකට කලින් අම්මත් ඇවිත් කෑගහල ගියා,"උණ වැඩි කරගත්තොත් ඉංගිරිසි බෙහෙත් නෙවෙයි වෙද ඇන්ටි ලගට එක්‌ක ගිහින් තිත්තම තිත්ත කසාය තමයි පොවන්නෙ කියල" හ්ම්.... යකාටවත් බය නැති මේ ජීනි ඔය වෙද ඇන්ටිට බය වෙයිද මන් අහන්නෙ හැබෑට?
ඉස්‌සරනම් ජීනි, යකා කියල කීවත් දුවල ගිහින් හැංගෙන්නෙ අම්මා ලඟ.ඒකටත් එක්‌ක දැන්, ජීනි ලගකදි ඉදලා යක්‌කු ඔක්‌කෝම දමනය කරල සුපර් ජීනි වෙලා ඉන්නෙ.

සුබාසිරි

බ්ලොග් අවකාශයට ජිනී ගේ ආගමනය සිදුවුනාට ජීනි තාම එක පෝස්ට් එකක්වත් දැම්මේ නෑනේ.


නිල් අහස සේ නුඹ
හිරු කිරණ සේ නුඹ
අඳුර වනසා නැගෙන
පහන් සිලුවක්‌ විලස
දිනේවා දිනේවා
ඔබේ මුලු ජීවිතය........
අරඹුන නුඹේ මේ 
දියුණුවේ මාවතේ
එන්නෙමී පසු පසින්
නුඹේ සවියට මමත්....
දිරි ගමි වාරු ගමී
අත්වැලක්‌ වන්නට
නුඹ ලබා දුන්
ශක්‌තියෙන්.....
දුක්‌ කරදර පසෙක ලා
සතුරු කරදර ඇති නොවන්නට
වාරුගෙන දිරිය දෙන්නෙමි
පිය නගන්නට ජය මාවතේ..............