Sunday, March 11, 2012

රෝස සිතුවමක් සිවුවන දිගහැරුම





මෙතෙක් කතාව කියවන්න..


"හරි හරි මං ඒක දෙන්නම්කො..." ජයනි කීය

සඳුන් මෙහෙම කල්පනාකරන අතරම හිතුවේ, කම්මැලි වුනා වගෙයැ විභාගේ ෆේල් වුනොත් වසල හමාරයි. පාරේ බැහැල යන්නේ කොහොමද? කමක් නෑ ඔන්න ඔහේ යනවා

කොහොම හිතුවත් සඳුන් කියන්නේ ගෙදරදිවත් පාසලේදිවත් දඩබ්බර චරිතයක් නෙමේ. එයා එයාගේ පාඩුවේ වැඩ ටික කරගන හිටියේ. නිවාඩු දවසකට ගෙවල් ළඟ යාළුවො එක්ක බයිසිකල් පදින්න, සෙල්ලම් කරන්න ගියොත් ඇරෙන්න සඳුන් ගෙදරින් එලිපහලියට බැහැල වැඩියේ ගියේ නෑ. ගෙදර ඉඳල කිලෝමීටර කීපයක් දුරින් තිබුන ඉස්කෝලෙට  වුනත් ගියේ බයිසිකලේ. උදේට බයිසිකලේ ගිහින් ඉස්කෝලේ ඉවර වෙලා විනාඩි 15 ක් යද්දී සඳුන් ගෙදර එනවා. යාලුවෝ එක්ක කොහේ හරි ගියත් අම්මට යන තැන කියල තමා සඳුන් යන්නේ




Thursday, March 1, 2012

රෝස සිතුවමක් තෙවැනි දිගහැරුම



කලින් කොටස් පිලිවෙලින් කියවන්න මෙතැන කොටන්න

පවුලේ සිටින එකම පිරිමියාත්, වැඩිමහල් දරුවාගේත් වගකීම් මැනවින් හඳුනන සඳුන් සියලු දුක් හමුවේ ඔට්ටු වෙන අම්ම තාත්තාට සවියක් වීමට හැම වෙලේම උත්සහ කල දරුවෙකි. ඒ බව ජයනි හොඳින්ම දැනසිටියේය.

"අයියේ.. කන්න එන්න...."

නංගිගේ හඬත් සමග කල්පනාදැහැන බිඳීගිය සඳුන් කුස්සියට යද්දී කටට කෙල ඉනුවේ මේසේ උද දුම් දමන පොල්රෝටි සමග හොඳට උම්බලකඩ දැමු ලුණුමිරිසකුත්, දවල් හදපු පොලොසුත් තිබුණු නිසායි.

තිදෙනාම එක් වී කෑම ගන්න අතරතුර ජයනි මේසේ සදුන්ගෙන් ඇසිය

"පුතේ.. විභාගෙට තව අවුරුදු දෙකයි. මේ පාර ඔයාට ඕනෑම විෂයන් වලට ලකුණුත් අඩුයි, අඩුමගානේ ඉංග්‍රීසි, ගණන්, විද්‍යාවටවත් පන්ති ගියොත් නේද හොඳ..?