Thursday, December 22, 2011

මෙහෙම බොමුද මචං?



ඔන්න ඉතින් අද මං කියන්න කල්පනාකලේ ඊයේ රෑ මං සහභාගී වුන පාටියකදී මං අත්විඳපු අත්දැකීමක් ගැන.. මං ප්‍රතිපත්තියක් විදියට මත්වතුර, මත්ද්‍රවය, දුම්පානය නොකරන කෙනෙක්. ඕකට ඉතින් අනං මනං කියන අය ඕන තරම් ඉන්නවා ඒත් ඉතින් මේ මමනේ ඉතින් මේ මගේ හැටි.. ඒත් අපි හැසිරෙන සමාජේ හැමෝම එහෙම නෑනේ. සමහරු බොනවා ඒත් තමුන්ගේ ප්‍රමානේ දැනගන බොහොම ඩීසන් විදියට. සමහරු බොනවා තමුන්ගේ ප්‍රමානෙ නොදැන. එහෙනම් ඉතින් අපි කතාව පටන්ගමුකෝ..


අපේ ගෙවල් ළඟ මගේ හොඳ මිත්තරයෙක්ගේ නංගි කෙනෙක් ජම්බු ගහක නගින්න ගිහින් බිමට වැටිලා ඒ සංතෝසෙට ගෙදර කස්ටිය එයාලගේ නෑදෑ ජනතාවටයි, අසල්වාසියෝ වුන අපිටයි, පොඩි පාටියක් දුන්න (පොඩි කීවට පොඩිමත් නෑ..) කොහොමින් කොහොම හරි ඊයේ රෑ අපි ඔය පාටියට ගියා. මාත් ඉතින් අපේ ගමේ මිත්තරයෝ ටිකත් එක්ක ටිකක් වැදගත් විදියට ඇඳලා එහෙම ඔය පාටිය පැත්තට ගියා. හප්පේ.. බලන්න එපැයි අසිරිය.. ටු පීස්‌ බෑන්ඩ් එකක් ඇවිත් බජවු දානවා, කේටරින් එකකින් කෑම දෙනවා, ඒ වගේම තිතට මතත් තියනවා. හැබැයි ඉතින් තිබුනේ "ගල්" ඉතින් මගේ මිත්තරයන්ට ඕව හරියන්නේ නෑලු. ඒ නිසා අනුන්ගේ පාටිය ඇවිත් අපේ කට්ටිය අතින්ම වියදම් කරලා මොකක්ද විස්කි බෝතලෙකුයි, කොකා කෝලයි ගෙනාව. කස්ටිය බීවට මොකද ගමේ නොන්ඩි වෙන්න කැමති නෑ (එකෙක් හැර). ඒ නිසා පාටිය තියන ගෙදරට එහාපැත්තෙ ගෙදර මිදුලේ කළුවර තැනක සෙට් වුනා. ඒත් අර ගමේ නොන්ඩි වුනත් ගානක් නැති එකා උට බොන්න පරක්කු වෙන්න බෑ කියල මේ බෝතලේ ගේන්න කලින්ම ගිහින් අංකල්ලා බොන තැනකට සෙට් වෙලා හිටියේ .



කොහොම හරි ඉතින් කස්ටිය මධුවිත තොලගානවා, මාත් ඉතින් උන් ටික ලඟට වෙලා කොකාකෝල වීදුරුවක් තියාගන ඒක දිහා බල බල (ඔය වගේ තැන් වලදී මං කරන්නේ කෝක් හෝ වෙන සොෆ්ට් ඩ්‍රින්ක් ජාතියක් වීදුරුවකට දාගන අනිත් එවුන් බීල ඉවර වෙනකල් හෝ මං එතනින් නැගිටලා යනකල් ඒ විදුරුව තියාගන ඉන්නවා) බයිට් කෑල්ලකුත් ලාවට කාගෙන හිටිය. කොහොම හරි පැයක් විතර යනකොට අපේ අංකල්ලා එක්ක සෙට් වෙන්න ගිය මිත්තරය හොඳටම සුර් වෙලා වැනි වැනි එනවා. 


අපි පොරට කියන්නෙත් තඩියා කියල. නමේ හැටියටම පොරත් ඉන්නවා. පොර යගුලි කවපෙත්ත කප් ගහපු පොරක්. ඉතින් මේකා ඇවිල්ල කියනවා 


"මට #ජ්ජ බරයි, මට #ජ්ජ කරන්න ඕන කියල අපි හිටපු ගෙදර ගේට්ටුවට මේකා චු කරලා බාගයක් ඉතුරු කරගන ඇවිල්ල එතන සෙට් වෙලා ඉන්න කොල්ලන්ගේ ඇඟට දාන්න හැදුවත් හරිගියේ නෑ කස්ටිය එහෙට මෙහෙට වෙලා බේරුනා. මිනිහටම හොඳටම සුර්. කොහොම හරි කට්ටිය තඩියව පුටුවක වාඩිකළා. මේක දෙපැත්තේ පුටු වල ඉන්න උන්ව ඉඹිනවා හපනවා එක කෙලියයි, කොහොමහරි දෙපැත්තේ පුටුවල හිටපු උන් ඒ පුටු වලිනුත් අයින් උනා.ඒ ඔක්කොම මදිවට මිනිහාට තව බොන්න ඕනලු. බොන්න වීදුරුවකට දාගත්ත විතරයි මුට හෙම්බිරිස්සාවක් හැදිලා කිම්බුහුං යවන්න ගත්තා.. 


"හචෝන්.." කියල එකක් ඇරිය කටෙයි නහයෙයි තිබුන කෙල හොටු ඔක්කොම තඩිගේ ඉස්සරහ තිබුන බයිට් ප්ලේට් එකේ. කස්ටිය ඉක්මනට ඒ ප්ලේට් එක තඩියාගේ පුටුව එහාපැත්තෙ තිබ්බ පුටුවේ තිබ්බ. ඔන්න එනවා දෙවැනි කිඹුහුම


"හච්චෝන්..." ඊළඟට පෝලිමේ එනවා තුන්වෙනි එකත්..


"හචෝ.. බෝඔඔක්.." මෙන්න බුවා කිම්බුහුමත් එක්ක පොඩි කබරයෙකුත් දාගත්ත ඇඟේයි, එහාපැත්තෙ පුටුවෙයි..


හයියෝ සංසාරේ... මිනිහ ලේන්සුව අරගන කබරයා දාගත්ත ඒවා පිහිදානවා. ඊට පස්සෙත් මේ යෝධය අර වීදුරුවට දාගත්ත අරක්කු ටික බොන්න පටන් ගත්ත ටිකෙන් ටික. මං ඉතින් පැත්තකට වෙලා ඔය සීන් ඔක්කොම බලගන ශේප් එකේ හිටිය. දැන් සෙට් වුන ඔක්කොම කට්ටියට ලාවට වැදීගන එන්නේ. ඒ අස්සේ මං දැක්කේ නියම සීන් එක.


තඩියා කබ්බ දාපු පුටුව උඩනේ කට්ටිය බයිට් ප්ලේට් එක තිබ්බේ. ඔකේ තිබ්බ චිකන් කෑල්ලක් පුටුව උඩ අර කබ්බ ගොඩේ තිබ්බ. අර යකා අසිහියෙන් අර චිකන් කෑල්ල අරගන කටේදාගන අන්තිම සොට් එකත් ගැහුවා.. සුන්දරයි නේද..
පස්සේ මේ හාදය නැගිටින්න ගිය, ඒත් ගත්ත ගැම්ම මදි.. මිනිහ පුටුවත් කඩාගන බිම.. හෆ්ෆෝයි..


පස්සේ පොර වත්තේ අයිනකට ගිහින් බිත්තියක් අල්ලගන හෝ ගාල කබ්බ දානවා. අයියෝ සංසාරෙක හැටි..


ඔය අතරේ මං කස්ටියගෙන් සමුගන කාල ගෙදර ආව. අද උදේ මට දැනගන්න ලැබුනේ තඩියා ඊයේ මහ රෑ වෙනකල් කබ්බ දාල, ඒ ගෙදර අන්කල් මුගේ ඔලුවේ දෙහි ගාල පාන්දර ගෙදර ගිහින්දාල. 
අද උදේ පාන්දර 11.30 ට විතර තඩියා ටයි පොල්ලත් දාගන රාජකාරියට වාර්තා කොරන්න ගියාලු..


මං කල්පනා කලේ මිනිස්සු මත්වතුර නිසා පත්වෙන තත්ව.. අනේ අපොයි.. මං මේ පොස්ට් එක ලිවෙත් කට්ටියට තේරුම්ගන්න මිනිස්සු නියම සිහිය නැතිව කොච්චර අප්‍රසන්න වැඩ කරනවා ඇතිද.. ඒ නිසා බොන කස්ටිය තමුන්ගේ ලිමිට් එක බීල ඩීසන් පිට එන්න. නොබොන උන් නම් බොන්න හිතන්නෙවත් නැතුව ඉන්නවනම් තමා හොඳ.. 

බොන නොබොන කස්ටිය හැමෝම කමෙන්ට් එකක් දාල යමු බලන්න

10 comments:

  1. හෙටම කියෝල කොමෙන්ට් එකක් දාන්නං, දැන් මැරෙන්න නිදි මතයි

    ReplyDelete
  2. බොන අය දන්නවනේ සමහර දවස් තියෙනව වදින්නේ නැති,සමහර දවස් වලට ශොට් එක දාපු ගමන් වදිනවා,මේක සොබාදහම වගේ නේ ඉතින් කොයි වෙලාවේ වෙනස් වෙයිද කියන්න බෑ,ගානට වැඩේ කරන එක තමා හොද....මමත් දවසක් එකෙක් කබා දාලා ෆුට් සැලඩ් එක කියලා වැරදිලා හැන්දකින් කනවා දැක්කා,ඒක දැකලා මට කබා ගියා,බීලා එහෙම නෙමෙයි..අප්පිරියාවට....

    ReplyDelete
  3. අපෝ ජීනියස් මේ නත්තල් දවස් වල මොනවද මේ කියන කතා අම්මප...
    බොන්නෙත් නැතුව කබරයෙක් එන්න වගේ ආව : D

    ReplyDelete
  4. අර කීවත් වගේ ගාණට වැඩේ කොරගෙන ආවා නම් හරි..... හදිස්සියක් නැතුව.... ඒත් සමහරු නම් බොන්නේ අරක්කු ඉවරවෙයි කියලා හිතාගෙන... ලෝකේ අවසාන බීම වගේ... උන්ට නම් අඹ සරණයි.... මම නම් තැන නොතැන, ඉන්න මිනිස්සු, අවස්ථාවේ ස්වරූපය ඔය ඔක්කොම සලකලයි ටේබල් එකකින් වාඩි වෙන්නේ. වැඩේ අවුල් හරි අවුල් එවුන් ඉන්නවා වගේ තේරුණොත් මම මාරු...... ඉල්ලන් එක පාරක් දෙපාරක් ටින් කිරි ගාගත්ත නිසා ආයේ එහෙම ගොන් වැඩ කොරන්නේ නෑ...........

    ReplyDelete
  5. තාම උදේට කෑවෙත් නෑ බොල..... කොහොමත් අපේ නම් සිද්දිය මෙහෙමයි... ගෙනල්ලා තියෙන්නෙ කොච්චරක්ද එච්චරක් බොනවා ආයේ වැඩි උණාට කරන්න දෙයක් නෑ... මොකෝ විසි කරන්නද...

    ReplyDelete
  6. @ඔබ නොදු‍ටු ලොවක් - ඕව දකිද්දී සංසාරේ එපා වෙනවනේ..

    @ඔබා- මේ නහින දෙහින කාලේ බෙහෙත් අහුරු ගණන් බි බී තවත් ඉතින් මාම සොට් එකක් දානවමනේ.. අනේ අපොයි.. ජම්මෙට වඩා පුරුද්ද ලොකුයිනේ..

    @ගොඩය ඒක හොඳා.. ඔය ඩොපර් හැන්ඩ්ලින් කරන්නේ වෙන්නේ සිහියෙන් ඉන්න උන්ටනේ.. බැනුම් අහන්න වෙන්නෙත් උන්ටමයි

    @ නරකයා අපේ තාත්ත කියල තියනවා ලංකාවේ මිනිස්සුන්ගේ පුරුද්දක් තියනවලු බෝතලේක අඩිය පේනකල් බොන. ඒත් එයා කියන්නේ මදුවිත කියන එක ගන්න ඕන කට්ටියක් එකතු වෙලා කතාවක් කරනකොට එක පවත්වාගන යන්න උපකාරකයක් විදියටලු. එකලු හරි තියරිය

    ReplyDelete
  7. බොන්න දන්නේ නැති උන්ගේ බීම නිසා තමයි බොන හැමෝම පීචං වෙන්නේ!

    ReplyDelete
  8. @ කතන්දර මේ කතාව නම් හරි..

    ReplyDelete
  9. කකා . . .
    +++++++++++++++++++++

    පෙරේතයො එකෙක් දෙන්නෙක් නිසා . . . සමස්ත බොන ප්‍රජාවටම කෙලවෙනව . . .

    ReplyDelete
  10. කතාවට නං සෑහෙන්න හිනා!!! මං හිනා වුනේ බොන උන්ට! නොබොන උන් විතරක් නෙමේ සමස්ථ සමාජෙම තමං ට කටින් විතරක් නෙමෙයි #කෙනුත් හිනා වෙනව කියල මුං තාම දන්නෙ නෑනෙ.බොන එක ආතල් කියල තාමත් හිතන් ඉන්න අය දැක්කම හිනා යන්නෙ ඔන්න ඕකයි... :D

    ReplyDelete