Sunday, February 26, 2012

රෝස සිතුවමක් දෙවන දිගහැරුම



රෝස සිතුවමක් පළමු දිගහැරුම


අම්මගේ කිරිබත් වලට හොඳ හැටි වග කියූ සඳුන් කාමරයට වී පොතක් බලන විට අම්ම කාමරයට එබුනා

"පුතේ.."

උපන්දිනය දවසේ ජයනිගේ මුහුණ අඳුරු වී තිබුණි..

"ඇයි අම්මේ? මොකද නිකන් අමුතු වෙලා වගේ.."

"ගෙදර හාල් ඉවරයි පුතේ.."

"ඉතින් සල්ලි දෙන්න මං බඩාගේ කඩෙන් හාල් ගේන්නම්"



"තාත්තා එවපු සල්ලි ඉවරයි පුතේ, මං නයනා ඇන්ටි ඉන්නවද බැලුව අතමාරුවක් කරගන්න ඒ මිනිස්සුත් ට්‍රිප් එකක් ගිහිල්ල.."

"එහෙනම් මං පියදාස කඩෙන් පොතට හාල් කිලෝ එකක් ගේන්නද?" බඩාගේ කඩෙ ළඟ තිබුනත් ණයට නොදෙන නිසායි සඳුන් දුර තියන පියදාස කඩේට යන්නම් කිවේ.

පියදාස කඩේන් හැමෝටම ණයට ලැබුනේ නෑ. හරියට ණය පියවන අය කීප දෙනාට විතරයි ණයට දුන්නේ.

"හා එහෙනම් බලල ගේන්නකෝ.."

ටී ෂර්ට් එකක් දාගන පාපැදියට නැගුනු සඳුන් ගියේ කිලෝමීටර් කීපයක් දුරින් ඇති පියදාස කඩේටයි.

"කෙලියනේ තාප්පෙටම.." සඳුන්ට කියවුනේ පියදාස කඩේ පේන මානෙට එද්දීමය

පියදාස කඩේ වහල. බයිසිකලය හරවගත්ත සඳුන් ආයි එන්න පටන්ගත්තේ දවල්ට කන්නේ මොනවාදැයි කල්පනාකරමින්..

ගෙදර ඇවිත් කඩේ වහලා යයි අම්මට කියද්දී, අම්ම අහක බලාගත්තේ ඇගේ දෑසින් පිටවුන කඳුල සඳුන්ගෙන් සඟවන්නය. ඒත් එක්කම කුස්සියට ආව සඳුනි කිවේ

"අම්මේ බඩගිනියි....." කියාය

දියණියගේ ඉල්ලීම හමුවේ ජයනිට ඉකිගසා හැඬුනි..

කුඩා දියණිය ජයනි තුරුල්කරගත්තේ

"මගේ උපන්දිනේ දවසේ උඹලට හරියට කෑම වේලක් හදාදෙන්න මට බැරිවුනානේ.." කියමිනි

හිතට පැමිණි දුක්මුසු ආවේගයත් සමග සඳුන් හැල්මේ ගිහින් ගත්තේ අලවන්ගුවයි. අලවංගුව අතැතිව සඳුන් ගියේ අම්මා වගා කරතිබූ මයියොක්කා ගස් දිහාවටයි.. සඳුන් අම්මගේ ඇස් වල දුටු කඳුළු වල ආවේගය පිටකරගත්තේ මයියොක්කා ගස් ළඟ පොලව කොටමිනි.

සඳුන් ටික වෙලාවකට පසු කුස්සියට ආවේ මයියොක්කා අල කීපයක් අතැතිවයි.

"මේ තියෙන්නේ අම්මේ නියම කෑම.. මේ ටික තබලා ගමු. සම්බෝලෙකුත් හදාගත්තාම පන්කාදුයිනේ..."

සඳුන් කිවේ දුක සැඟවූ මවාගත් සතුටකිනි.

පවුලේ සිටින එකම පිරිමියාත්, වැඩිමහල් දරුවාගේත් වගකීම් මැනවින් හඳුනන සඳුන් සියලු දුක් හමුවේ ඔට්ටු වෙන අම්ම තාත්තාට සවියක් වීමට හැම වෙලේම උත්සහ කල දරුවෙකි. ඒ බව ජයනි හොඳින්ම දැනසිටියේය.

"අයියේ.. කන්න එන්න...."




11 comments:

  1. මල්ලි, මේක මගේ ජිවිත කතාවට සමාන කතාවක් වගේ.... කන බොන එක අඩු පාඩු නොවුනත් මගේ අම්මට තනියම මුණ දෙන්න වෙච්ච අභියෝගවලට අම්මත් එක්ක මුණ දුන්න හැටි මතක්වුනා... හිමින් සැරේ මගේ බ්ලොග් එකේ ලියන්නකෝ සිද්ධියක් දෙකක්..........

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... දාන්න දාන්න අපි බලන් ඉන්නවා.. හුඟක් මිනිස්සු හිතන් ඉන්නේ පවුලේ කෙනෙක් රට හිටියම ඒ පවුලට සියලු සැප සම්පත් පිරී ඉතිරි යනවා කියල.. නමුත් හුඟක් මිනිස්සු ජීවිතේ ගැටගහගන්නේ හරි අමරුවෙන්..

      කසාදබැඳපු ගෑනියෙක්ට තමුන්ගේ ලොකුම හයිය වුන ස්වාමියා ළඟ නැතුව එදිනෙදා ජීවිතයේ එන ප්‍රශ්න වලට මුණ දෙන්න කොයිතරම් හයියක් ඕනද..

      මට ඕන වුනේ හීන ලෝක මවන ලෝකේ ලස්සනම කෙල්ලයි කොල්ලයි ඉන්න කතාවක් ලියන්න නෙමේ පොළොවේ පයගහල ඉන්න කොල්ලෙක් හා ඔහුවටා බැඳුනු දේවල් ගැන කතාවක් ලියන්න. ඔයාගේ වටිනා කමෙන්ට් එකට ගොඩක් ස්තුතියි ගොඩයියේ..

      Delete
  2. දෙවනි කොට‍සෙන් දිගටම කියවන්න හිතාගෙන හිටපු එක කන්ෆෝමි උනි
    මගේ කථාව ඔය වගේ නැතත් ආස්සරය කරපු ගෙඩක් අයගේ ඔය වගේ තමයි

    ReplyDelete
    Replies
    1. අපේ රටේ බහුතරය දුක්විඳින ජනතාවනේ ජින්ජියෝ.. ඒ නිසා කතාවක් වුන පලියට සිහින මාලිගාවක් හදන්න ඕන නෑනේ.. මේ වගේ චරිත අපි එදිනෙදා ජීවිතයේ දකින අය.

      9 වෙනි දිගහැරුම ලියන්න ආව විතරයි ජින්ජිගේ කමෙන්ට් එක වැටුනේ.. බොහොම ස්තුතියි...

      Delete
  3. ගොඩක් ලස්සන කතාවක්.අදමයි නේද මම ආවේ..ආයෙත් දිගටම එනවා...

    ReplyDelete
    Replies
    1. එල එල දිගටම එන්න.. බොහොම ස්තුතියි පුංචි කුමාරිහාමි

      Delete
  4. Replies
    1. ටැන්කිවු වේවා මාමේ

      Delete
  5. තව ටිකක් දිග උනානම් තවත් හොඳයි නේද..

    ReplyDelete
    Replies
    1. එහෙම වුනාමත් එච්චර රහක් නෑ නේද.. දිගටම මේ ගානට දාන්න හිතාගන ඉන්නේ. මොකද මට මේ ටික ටයිප් කරන්නත් පැයක් විතර යනවා. ඇයි ඉතින් ගලප ගලප පිළිවෙලකට ලියන්නත් එපැයි කොලයක් බලාගන ටයිප් කරගන යනවා වගේ නෙමේනේ..

      සයිබර් ජීවිතේ කාලයයි සාමාන්‍ය ජීවිතේ කාලයයි දෙකම බැලන්ස් කරගන යන්න එපැයි. මොකද බැරිවෙලාවත් නියමිත කාලයට ඕන කොටස් පබිලිස් නොකලොත් මේක බලල කමෙන්ට් නොදා යන හැමෝමත් කමෙන්ට් කරන්න පටන් ගනියි මාව පතුරුගහල :ඩි

      අදහසට බොහොම ස්තුතියි සයුරි

      Delete
  6. කතාව ලස්සනයි...

    අපිටත් තියනවා ඔය වගේ අතීතයක්.. ගෙදර සල්ලි නැතුව අහල පහලින් අතමාරු ඉල්ලගත්තු කාලයක්, පොතට බඩු ගත්ත කාලයක්, සමහර වේල් වැරදුනු කාලයක්... මොනවා උනත් ඒ කාලෙට මම හරි කැමතියි.

    කතාව ලස්සනයි... දිගටම ලියන්ඩ.. සයුරි කියපු එකම තමා මටත් කියන්ඩ තියෙන්නේ... තව ටිකක් දිග උනානම් හොඳයි..

    ReplyDelete