ජීනිගේ අම්මා සමාජයට රටට දැයට සේවයක් කරපු වීර කාන්තාවක්.එයා ශ්‍රී ලංකා යුද හමුදා මූලස්‌ථානයේ සේවය කල දක්‍ෂ නිලදාරිනියක්.. . කොච්චර කැපවීමෙන් සේවය කලාද කීවොත් 1984 දී සේවයට එකතු උන ජීනිගෙ අම්මා 1999දී විශ්‍රාම යනකල්ම ඒ අවුරුදු 15ම සේවය කලේ කොළඹ යුද හමුදා මූලස්‌ථානයේමයි. කාර්යෂූරකම නිසාම එයාව කිසිම ක්‍රියාන්විත ප්‍රදේශයකට දැම්මෙ නෑ.
ඔන්න දැන් තමයි ජීනි කතාවට එන්ටර් වෙන්නෙ.
ජීනීගෙ අම්මට ඕන වෙනවා ගෙදර තියෙන වාහනෙත් එලවන් එහෙ මෙහෙ රවුමක් ගහන්න ජීනියි ජීනිගෙ නගායි එක්‌ක,ඒත් ඉතින් ජීනිගෙ අම්මට කොයින්ද වාහන එලවන්න ලයිසොන්?ඉතින් මේ ගැන ජීනිගෙ අම්මා ජීනිගෙ අප්පොච්චිට කියල පර්මිසොන් එකත් ගත්තා ඕං ලර්නස් එකකට ගොහින් පෙර පුහුන්වීම් කරල එහෙම වාහන ලයිසොන් එක ගන්න.
ඒත් කොහෙද ඉතින් ජීනිගෙ අම්මටත් ඔයෙ අතරෙදි ලර්නස් එකට යන්නත් කලින්ම කොහේදෝ ඉඳල ආපු තනිකන් දෝසයකුත් හැදුනෙ නැතෑ. හපෝයී...ජීනිගේ අම්මට අමුනුස්‌ස බැල්මක්‌වත් වැටිලද?....ආ... කට්‌ටිය දැන් එහෙමත් හිතනව ඇති, අපෝ නෑ....ඔය ජීනි අමුනුස්‌ස දෝසෙ කියල කීවෙ ජීනිගෙ අම්මට ලර්නස් තනියෙන් යන්ට බෑ කියපු නිසා නොවෑ.
ජීනිගෙ අම්මට හිටියා ගෙවල් පැත්තෙ හෙන සෙට් එකක්. ඒ සෙට් එක එකතු උනාම ලිද ලග සංගම් පරාදයි ඕං.කොහොමින් කොහොම හරි ඔය සෙට් එකෙ හිටියා ටිකක් පොස් ලුක් එකක් තියෙන පොස් එකට ඉන්න කැමති අන්ටි කෙනෙක්.එයාගෙ නම කුමාරි.ජීනිගෙ අම්මා එයාවත් කතා කරගෙන දැන් ලර්නස් යන්න ලෑස්‌ති උනා.
හපෝ ලර්නස් එකෙ හිටපු සර් පුහුනු වෙන කාලේ හැමෝටම යකා පාට් එක දාගන තමයි හිටියේ.මොකද නැත්තම් ඔක්‌කෝම එකතු වෙලා කරේ නගින්න එනවලුනේ ලයිසොන් එක ගන්න. ඉතින් මුලින්ම ගියපු දවසෙ සර් කරන්නෙ ක්‌ලච් එක ගැන එහෙම දැනුවත් කරල මැනුවෙල් වාහනේ ඉස්‌ටාට් කොරන විදිය කියල දීල ගියර් දාල යන හැටි කියල දෙන එක. ඕක හැම කෙනාටම කියල දෙනවා,
ටික දවසකින් සර් වාහනේ ඉස්‌සරහ සීට් එකක ඉදන් එක එක්‌කෙනාට කතා කරල වාහනේ පදවාගෙන ගිහින් සර් කියන තැන් වලින් නවත්තල ඊලඟ කෙනාට වාහනෙ පදවන් යන්න අවසර දෙනවා,එතකොට ඒ කෙනා දැනගන්න ඕන සිග්නල් එහෙම දාල පාරට වාහනේ අරගන්නත්,සිග්නල් දාලා වාහනෙ පාරෙ අයිනට කරල නවත්ත ගන්නත්. දවස් දෙකක් විතර මේ විදියට පුහුනු වීම් කලා,මේ අතරෙ දවසක් කුමාරි ඇන්ටිට සර් කීවාලු ඔය ඉස්‌සරහින් යන තැඹිලි කරත්තෙ ලගින් නවත්තන්න කියල,එදා තිබිච්ච අවු කාස්‌ටකේට කුමාරි ඇන්ටිත් හිතුවලු සර් අද තැඹිලි අරන් දෙන්න යන්නෙ කියල සිග්නල් ඔක්‌කොම අමතක කරල ගිහින් ගැහුවෙ නැතෑ තැඹ්ලි කරත්තෙ මනුස්‌සය ලගින්ම,මිනිහ බේරිලා තියෙන්නෙත් අනූ නවයෙන්.
ඔන්න ඉතින් සර්ට යකාගෙ විමනෙ පේන්න ගත්තලු,"මොනාද මිස් කුමාරි කරන්නෙ? ඔහොම පුලුවන්ද පාරෙ වාහන එලවන්න.මේක ඔයාගෙ පාරක් නෙවෙයිනෙ" කියල හොදට අඹුල් තියෙන දෙහි ගෙඩියක් කැපෙන්නෙනැති පිහියකින් කපා ගෙන කපා ගෙන ගියෙ නැද්ද අනිත් හැමෝම ඉස්‌සරහ කුමාරි ඇන්ටිට.
හොල්මන්ද පොල් කොල කීවලු.
මෙන්න මේ වෙලාවෙ තමයි කුමාරි ඇන්ටිට ගණදෙවි නුවණ පහල වෙලා ජීනිගෙ අම්ම කියපු කතාවක් මතක් උනෙ.
ජීනිගෙ අම්මා ඒකාලෙ කොළඹ වැඩ කරද්දි අපේ රටේ යුද සමයනෙ.හැමතැනම බෝම්බ පිපිරෙනවා,බස් එකකවත් යන්න බයයි. ජීනි අම්මගෙ ඔපීසියට ගෝල් පේස් එක ලගයි.ජීනිගෙ අම්ම ඇතුලු අනෙක් පිරිස ඔපීසියෙ වැඩ කරගෙන ඉද්දි ගෝල් පේස් එක හරියෙ බෝම්බයක් පිපිරිලා,ඉතින් ඔපීසිය එතනට හුගක් ලග නිසා ජීනිගෙ අම්මාටයි අනිත් අයටයි කම්පනය ඇති වෙලා රෝහල් ගත කලාලු. ජීනිගෙ අම්මා යුද හමුදාවෙ කියල සර් දැනන් හිටියට කුමාරි ඇන්ටිගෙ විස්‌තර වැඩිය දැනගෙන හිටියෙ නෑ,කුමාරි ඇන්ටි, එයත් යුද හමුදාවෙ ඉඳලා විශ්‍රාම ගිය විදියට ඇක්‌ටින් පාර දාලා ඔය විස්‌තරේ සර්ට බොහොම කෙටියෙන් එයාට උන විදියටම කියල,තව මෙහෙමත් කිවාලු,අනේ සර් එද මට ඇති උන කම්පනයෙන් පස්‌සෙ මට වෙනදට වඩා මතක තියාගැනීමේ අපහසුවක් තියෙනව ඒකයි සිග්නල් දාන්න අමතක උනේ කියල. එදායින් පස්‌සෙ සර් කුමාරි ඇන්ටිට වැඩිය මුකුත් කියන්න ගිහින් නෑ.මොකද කම්පනයක් එහෙම ආයෙ ආවොත් පවුනේ,කොහොම හරි ඔය විදියට ජීනිගෙ අම්මයි, අම්මගෙ යාලුවා කුමාරි ඇන්ටියි ලයිසොන් එකත් ගත්තා.
පස්‌සෙ කාලෙකදි ජීනිත් වාහන ලයිසොන් එක ගන්න ගියපු වෙලෙ සර් ඔය කතාව මතක් කලා.එදානම් ජීනි,ජීනිගෙ අප්පොච්චී හිනාව තද කරන් සර්ට කතා කලෙත් බොහොම අමරුවෙන් ඕං..
කතාව දිග වැඩි උනාද මන්දා.............................................
හෆ්ෆා.... කලින් දන්න කතාවක් වුනත් ලියල තියන සයිලියට මටත් කියවන්න ආස හිතුනා..
ReplyDeleteඔක්කොම එළකිරි.. ඊළඟ පෝස්ට් එක එනකල් බලා සිටිමි..
ඈ බොල . . . එතකොට තෝ ලියන්නෙ නැද්ද ????
Deleteලියනවා ලියනවා... මේ දවස් වල කතා පොඩ්ඩක් කොටාගන යනවා..
Deleteකමින්ග් සූන්..
එතකොට එහෙමයි උනේ ඈ...
ReplyDeleteහප්පා ඔය කුමාරි ඇන්ටිගෙ සීන් එක ඔබා අන්කල් අනන්තවත් රඟපාල තියෙනව [අනුන්ගෙ වීර ක්‍රියා තමන්ගෙ වගේ පෙන්නිල්ල]
ReplyDeleteawlak na.... diga wadi wenatharamata hoda
ReplyDelete