Thursday, February 23, 2012

නවකතාවක් වනකතාවක් තවවතාවක් රෝසසිතුවමක්





මං පොත් කිවන්න කැමතියි, නවකතා පොත් කියවන්නත් කැමතියි. බ්ලොග් කියවිල්ල පටගත්තට පස්සේ එකටත් ඇබ්බැහි වුනා. අන්තර්ජාලෙත් නවකතා පලවෙලා තියනවා මං දැකල තියනවා වගේම පොත් විදියට තිබ්බ නවකතා දැන් ඊ බුක් විදියට ඩවුන්ලෝඩ් කරලා බලන්නත් තියනවා. 


එළකිරි එකේ ආර්ගන් ලියන "තරුවකට පෙම් කලෙමි" වගේම ලාස්ට් රෝ එකේ යන කස්සා ලියන "නමක් නැති ලව් ස්ටෝරියක්" මං මුල ඉඳලම කියවපු නවකතා. කස්සා ලියන විදියට කැම්පස් යන්න බැරිවුණ අපිටත් කැම්පස් ජීවිතේ, කැම්පස් ලවු ගැන චිත්ත රූප මැවෙනවා නිකන් තනි ඇහැට ඇඩේන විදියට. ඒ දවස් වල මං ලාස්ට් රෝ ඇඩ්මින්ගේනුත් ඇහුව කොටස් වශයෙන් යන කතාවක් දාන්නද කියල. ඒත් ඉතින් වෙලාවක් තිබ්බේ නෑනේ.. ඒකට හරියන්න කස්සා ලියනවා පට්ටේටම



කාලයක් තිස්සේ මගේ හිතේ ආසාවක් තිබ්බ නවකතාවක් ලියන්න. හැබැයි ඒක අද ඊයේ නමේ දැන් අවුරුදු 3 කට විතර කලින් ආවේ. වෙලාවයි, අධ්‍යන කටයුතුයි, රස්සාවලුයි නිසා වෙලාවක් නැතුව හිටියේ. බ්ලොග් කොටන්න පටන් ගත්තට පස්සේ ඒ ආසාව වැඩි වුනා. දැන් නම් ටික ටික වෙලාවත් ලැබෙන නිසා පුළුවන් ආකාරට මං බ්ලොග් එකේ පොස්ට් දැම්ම. 


ඒ දවස්වල නවකතාවක් ලියන්න තිබුන ආසාව නිසාම මං කෙටියෙන් මං ලියන කතාව සැකිල්ල හැදුව මීට අවුරුද්දකට විතර කලින් වර්ඩ් ඩොකියුමන්ට් එකක.. කතාව පටන් ගන්න තැන ඉඳල ඉවර වෙනකල් වෙන දේවල්, අවශ්‍ය සිදුවීම, හැරවුම් ලක්ෂ මං ඒ ඩොකියුමන්ට් එකේ ලිව. ඒ ලියපු වර්ඩ් ෆයිල් එක අවුරුද්දක් තිස්සේ මගේ ජී මේල් බොක්ස් එකේ Draft එකක් විදියට තිබුන. "තරුවකට පෙම්කලෙමි" හා "නමක් නැති ලව් ස්ටොරියක්" නිසා මටත් ආයි අර මගේ කතා සැකිල්ලට පණ දෙන්න හිතුනා.


බ්ලොග් එකක, සයිට් එකක පොස්ට් එකක් දාන කෙනෙක් ඒක දාන්නේ කිසිම ලාබ අපේක්ශ්වකින් තොරව තමුන්ගේ තියන වටිනා කාලය මිඩංගු කරගන. මාත් එහෙමයි. අපි එහෙම පොස්ට් දාල බලාපොරොත්තු වෙන්නේ අනිත් අය මේවා බලයි, බලල කමෙන්ට් එකක් දෙයි කියන චේතනාවෙන්. ඒ කමෙන්ට් එක තමා කතෘගේ තෘප්තිය නමැති ආදායම. 


කලින් කිව වගේ කස්ටිය බලනවා නම් විතරනේ මේවා දාන්න ඕන. ඒ නිසා මගේ බ්ලොග් එක බලන අයගෙන් අහන්න යුතුකමක් තියනවා කතාවක් පලකරන්න කලින් කතාවක් දාන්නද කියල. 


මං බ්ලොග් ලෝකෙට අලුත්. බ්ලොග් එකක් මේ වගේ කතාවක් කොටස් වශයෙන් පලකලාම මගේ බ්ලොග් එකට එන ටිකත් නැතිවෙයිද දන්නෑ.. ;) හැබැයි ඉතින් මගේ සමකතෘ ජීනි ඉන්නවා එයත් පොස්ට් දායි. මං කැමති නෑ නවකතාවක් දාපු පලියට මේ බ්ලොග් එක නවකතා විතරක් තියන බ්ලොග් එකක් වෙනවට. ඒ නිසා මාත් ජීනිත් විවිධාකාරයේ පොස්ට් දාන අතරේ ඊට සමාන්තරව කොටස් වශයෙන් යන නවකතාවකුත් පලකරුනොත් හොඳද නරකද කියල මේක බලන කස්ටියම කියන්න..


හැබැයි විශේෂයෙන්ම කියන්න ඕන මේක මෙගා කතාවක් නොවේ. මොකද මුල ඉන්දල අගටම කතාව දිවෙන ආකාරය සැකිල්ල හදල ඉවරයි. ඒ නිසා මං ඒක තව දික් කරන්න අදහසක් නෑ. ඒ වගේම මං මේක ලියන්නේ මගේ ජීවිත අත්දැකීම්, මං අහපු දැකපු දේවල් අනුසාරයෙන්. ඒ නිසා මේ ඉන්න චරිත මගේ ගම, මගේ මිත්‍රයෝ වෙන්න පුළුවන්. ඒ වගේම මේ කතාව අවසානයේ මගේ පාඨකයෝ ඔක්කොමට කවදාවත් නොහිතපු නොපතපු දේවල් එකතු කරන්න මං කල්පනාකරගන ඉන්නවා..


කස්ටිය එහෙනම් මේ ගැන අදහසක් දීල යන්නකෝ බලන්න.







7 comments:

  1. මොකෝ නරක... දාපන් දාපන්.. අපි කියවන්නම්..

    හැබැයි ඔය කියන විදිහටනම්.. කමෙන්ට්ස් වලට අයකිරීමක් කරන්ඩ වෙනවා.. හෙහ් හෙහ්..

    ReplyDelete
  2. නවකතාවක් දැමිමට අවුලක් නෑ හිතට අල්ලල ගියොත් දිගටම කියවනව :)

    ReplyDelete
  3. අපේ අතින් යනවායැ ඕන්න ඔහේ දාපන්

    ReplyDelete
  4. ලියපංකො බලන්න ඉස්සෙල්ල

    ReplyDelete
  5. ලියන්ට..ලියන්ට..

    ReplyDelete
  6. ලියන්න ලියන්න අපි බලන්නං අමරුවෙන් හරි......

    ReplyDelete
  7. ඔන්න එහෙනම් අමාරුවෙන් හරි බලන්න මුල් කොටස පබිලිස් කළා

    http://jeeniya.blogspot.com/2012/02/blog-post_24.html

    ReplyDelete