මං පොත් කිවන්න කැමතියි, නවකතා පොත් කියවන්නත් කැමතියි. බ්ලොග් කියවිල්ල පටගත්තට පස්සේ එකටත් ඇබ්බැහි වුනා. අන්තර්ජාලෙත් නවකතා පලවෙලා තියනවා මං දැකල තියනවා වගේම පොත් විදියට තිබ්බ නවකතා දැන් ඊ බුක් විදියට ඩවුන්ලෝඩ් කරලා බලන්නත් තියනවා.
එළකිරි එකේ ආර්ගන් ලියන "තරුවකට පෙම් කලෙමි" වගේම ලාස්ට් රෝ එකේ යන කස්සා ලියන "නමක් නැති ලව් ස්ටෝරියක්" මං මුල ඉඳලම කියවපු නවකතා. කස්සා ලියන විදියට කැම්පස් යන්න බැරිවුණ අපිටත් කැම්පස් ජීවිතේ, කැම්පස් ලවු ගැන චිත්ත රූප මැවෙනවා නිකන් තනි ඇහැට ඇඩේන විදියට. ඒ දවස් වල මං ලාස්ට් රෝ ඇඩ්මින්ගේනුත් ඇහුව කොටස් වශයෙන් යන කතාවක් දාන්නද කියල. ඒත් ඉතින් වෙලාවක් තිබ්බේ නෑනේ.. ඒකට හරියන්න කස්සා ලියනවා පට්ටේටම