Wednesday, February 1, 2012

සුපර් ජීනි ගේ තිත්ත කසාය





ඉහෙන් බහින රෝගයක්‌ නොතිබුන ජීනිට අද නම් සහලෝලා උන හැදිලා.දැන් ටිකකට කලින් අම්මත් ඇවිත් කෑගහල ගියා,"උණ වැඩි කරගත්තොත් ඉංගිරිසි බෙහෙත් නෙවෙයි වෙද ඇන්ටි ලගට එක්‌ක ගිහින් තිත්තම තිත්ත කසාය තමයි පොවන්නෙ කියල" හ්ම්.... යකාටවත් බය නැති මේ ජීනි ඔය වෙද ඇන්ටිට බය වෙයිද මන් අහන්නෙ හැබෑට?
ඉස්‌සරනම් ජීනි, යකා කියල කීවත් දුවල ගිහින් හැංගෙන්නෙ අම්මා ලඟ.ඒකටත් එක්‌ක දැන්, ජීනි ලගකදි ඉදලා යක්‌කු ඔක්‌කෝම දමනය කරල සුපර් ජීනි වෙලා ඉන්නෙ.



ජීනි ඔය කියන විදියටම යකාටවත් බය නැති සුපර් ජීනි උනේ මෙන්න මෙහෙමයි
එලකිරි බූත කොටුව කියවලා දවස්‌ 3ක්‌ විතර නිදියන් නැතිව යක්‌කු එනවද කියල කාමරේ ලයිට්‌1ත් දාගෙන බලන් ඉඳල
ඒත් අන්තිමට නින්ද යන්නෙ නැති උනාම පිරිත් දාගෙන ඉදල තමයි ඉතින්,
සුපර් ජීනීගෙ පවර්1 කොහොමද කියල කියනවනම් වෙනද තනියම ඇදක නිදාගත්ත ජීනි දැන් නිදියන්නෙ අම්ම ලඟ,හැබැයි එදායින් පස්‌සෙ කිසිම දවසක බූත කොටුවෙ කතා නම් කියවන්න ගියෙ නෑ,එහෙම තමයි මේ ජීනි යකෙක්‌ටවත් බය නැති සුපර් ජීනි උනෙ.
උණ විකාරෙන් යකාගෙ කතා කියන්න ගිහින් දැන් කියන්න ආපු කතාවත් තව ටිකෙන් අමතක වෙනවා.


ජීනීට ඔය වෙද ඇන්ටිව හම්බ වෙන්නෙ ජීනි මොන්ටිසෝරි යන කාලෙදී.ඒ කියන්නෙ ගිය අවුරුද්දෙ.දැන් ඔන්න කට්‌ටියම හිතයි එතකොට දැන් ජීනි ඉන්නෙ එක වසරෙද කියල,අපොයි නෑ.ජීනි ගිය අවුරුද්දෙ මොන්ටිසෝරි ගියෙ ජීනි පැංචි විදියට නෙවෙයි, මොන්ටිසොරියෙ ඉන්න පුංචි පැංචන්ට අකුරු සින්දු උගන්නන චූටි ටීචර් විදියට, ඒකට ආපු ජීනි දන්න පවුලක පැංචියෙක්‌ගෙ මාර්ගයෙන් තමයි වෙද ඇන්ටිව අඳුරගන්නෙ. ඔය වෙද ඇන්ටිගෙන් බෙහෙත් ගන්න කියල ජීනි ඉස්‌සෙල්ලාම ගියේ ජීනිගේ රූපලාවන්‍ය වැඩකට.අද කාලේ හැමෝටම තියෙන ගැටලුවක්‌නෙ කුරුලෑ.ජීනිත් ගියේ ඒකට බෙහෙතක්‌ හොයාගෙන.රූපලාවන්‍ය වැඩකට ගියාට අන්තිමට ජීනීට උනේ ඔක්‌කොටම කලින් සකල සර්වාංගයම කූල් වෙන්න කියල තිබිච්ච කසාය ඔක්‌කෝම පත අට එකට හින්දල දිව ගලවල පැත්තකින් තියල බීලා ඉවර උනාට පස්‌සෙ දිව ආයෙත් හයි කරගන්න එක,
ඔහොම ඉතින් ජීනිත් මාස 3ක්‌ විතර මේ රසම රස පානයේ රස උපරිම වින්දා. ඒ අතරේ වෙද ඇන්ටි කලුම කලු ගුලි,මූනෙ ගාන කුඩු
ඔක්‌කොමත් දීල ජීනිව තවත් දිරිමත් කලා.ජීනිටත් මේ වෙදකම වහ කදුරු වෙලා තිබ්බෙ,ජීනි ටික දවසක්‌ බෙහෙත් නොකර හොරට හිටියා.ජීනි අම්මට නම් කිවේ,මුනෙ ගාන කුඩු1 දීල තිබ්බෙ දෙහි එක්‌ක ගාන්න,දෙහි අවාරෙ නිසා,ගෙදර දෙහි ටික ඉවර වෙන නිසා,බෙහෙත් කරන්න විදියක්‌ නෑ කියල,
ටික දවසකින් වෙද අන්ටි ජීනිගෙ මූන පරීක්‍ෂා කොරද්දි කිසි අඩුවක්‌ දැකපු නැති නිසා,ආයෙමත් අර බෙහෙත් ටිකම දුන්නා,එදා වෙද ඇන්ටි ලගට ජීනි ගියේ තනියම.ඒ නිස එදාම ජීනි හිතාගත්ත අයෙත්නම් අර තිත්ත බෙහෙත් බොනවට වඩා හොදයි ලිඳට පනින1 කියල හිතල ජීනි පැන්නද ලිඳට.........?????????
අපෝ නෑ.......,ජීනී එතනින්ම ඒ බෙහෙත් කිරිල්ල නවත්තල දැම්ම.
ඔන්න ඔහොම තමයි  ජීනි,  යකාට තියා වෙද ඇන්ටිටවත් බය නැති සුපර් ජීනි උනේ.......


කොහොම උනත් ඒ බෙහෙත් වලින් හොද ප්‍රතිඵල තිබුනා.අපේ සිංහල දේ නේ.ඒ බෙහෙත් බොන්න බැරි උනත් අපි ඒවට ගරු කරන්න ඕනා

31 comments:

  1. හෆ්ෆාට සිරි වෙන්න ඕන කිවලු... මෙයාට මෙහෙම හැකියාවක් තියනවා කියල මං දන්නේ නෑනේ.. සුපර් ජීනි හැකියාව නෙමේ.. (ඒක ගැන නම් මං දන්නවා.. හිකිස්‌ ...) මෙහෙම ලිවීමේ හැකියාව.. අති සුන්දරයි.... දිගටම ලියමු.. මට නම් ආයි කතාව එකෙන්ම පට්ටයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්‌තූතියි.ඔයාගෙ අගය කිරීම මට හුඟාක්‌ වටිනවා

      Delete
  2. ආ මේ ජීනියස් ගේ නෝනා වගේ :) හොඳයි හොඳයි

    ReplyDelete
    Replies
    1. හැක හැක... වෙන්ඩ නෝනා. ;)

      Delete
    2. වුනාට පස්සෙ කචල් වෙන එකක් නෑ නේද?

      Delete
    3. ඒකට වෙලාම බලන්න වෙයි.. ඔබා මාම නම් ඉතින් අත්දැකීම් බහුල පොරනේ

      Delete
    4. බොහොම ස්‌තුතියි සයුරි

      Delete
    5. @ජීනියස්‌
      අනෙ මම ඔයාට කචල් දානවද....ඈ...

      Delete
  3. අපේ පැත්තෙත් හිටියා වෙද නෝනා කෙනෙක්..කැඩිච්ච අත පය කඩලා ආයි හදනවා....

    ReplyDelete
    Replies
    1. ඉතින් හොඳයිනේ බං..

      Delete
    2. මගේ යළුවෙක්ගේ අත කැඩිලා බේත් කරා..මූ ඒ අස්සේ නාලා...අර වෙද නෝනා අත ආයිත් කඩලා සෙටමෝල් කරේ...කොහොමද ආතල් එක...

      Delete
    3. මගෙත් පොඩි කාලේ අත කැඩිලා බාගෙට හැදුවේ. මොකද වෙදා ගාවට යන දවසට මං ගෙදර මහා අඩවුවක් අල්ලනවා. තාමත් ඒ අත අනිත් අත තරම් නවන්න බෑ ඒත් අවුලක් නෑ

      Delete
    4. ඔයා ඉතින් ඒ වෙද සීයටත් පාට්‌ දාපු ජීනියස්‌ නේ...

      Delete
    5. මාත් කල්පනකොලේ වෙලාවක ඒ බෙහෙත් කරපු කතාව ලියන්න ඕන..

      Delete
  4. ජිනීත් සෙල්ලම් නැහැ බලාගන යනකොට... අම්මපා...

    ReplyDelete
  5. ඔව් ඔව් ලේසි නෑ මේ ජීනි එක්‌ක. බොහොම ස්‌තුතියි හැමෝටම

    ReplyDelete
  6. වෙනදට නම් වෙද ඇන්ටි වෙද ගෙදරට යන එන කස්‌ටියගෙන් ජීනි දැන් එන්නෙ නැත්තෙ මොකද කියල අහනවලු.ඒත් දැන් නම් ඒ ගැන වෙද ඇන්ටිට වගේ වගක්‌ නෑ කියල තමයි ආරංචිය,කවුද දන්නෙ වෙද ඇන්ටිටත් ජීනි කඩා පාත් වෙන 1 කරදරයක්‌ වෙලා තිබ්බද දන්නෑනෙ.මොකද ඉතින් ජීනිත් හොරට බෙහෙත් බීලානෙ යන්නෙ.

    ReplyDelete
  7. Replies
    1. ජීනි මාරයාවත් දමනය කරල ඉන්නෙ.මාරයා දැන් "ජීනි" කියන නම ඇහෙද්දි වෙව්ලනවා.ඒ හින්දා බය වෙන්න එපා

      Delete
    2. මේක මාරයා දැක්කොත් මලකෙලියයි... මාරයෝ... මෙන්නෝ....

      Delete
    3. ඕකට ඉතින් මාරයාට කතා කරන්නෙ ඕනෙයි,,,?

      Delete
    4. බ්ලොග් ලියන මාරයා ගැන කිවේ.. ;)

      Delete
    5. ආ...එහෙනම් කමක්‌ නෑ

      Delete
  8. කථා ලියන විදියට නං ජීනියස් ට වඩා ජීනි හොඳයි වගේ...නිසන් වැන් ගැන කාටද කියවන්න ඕනෙ ? හෙහ්..හෙහ්...

    ReplyDelete
    Replies
    1. ඔබා මාමලටත් ඉතින් කොච්චර නාකි වුනත් චීත්තයක් පෙන්නන්න බෑනේ අම්මප!!! :D

      Delete
    2. හැබැයි අවංකවම ගත්තොත් මට වඩා හැකියාවෙන් පරිපුර්ණ ජීනි.. ඒක මං අවිවාදයෙන් පිලිගන්නවා..

      Delete
    3. බොහෝම ස්‌තූතියි. මාත් දැනගත්තෙ මේ කතාවෙන් පස්‌සෙ තමයි මටත් හොදට ලියන්න පුලුවන් කියල
      ජීනියස්‌ ලමයා නැත්තම් ජීනි මේ බ්ලොග් ලොවෙත් නෑ...

      Delete
  9. හැක් හැක් . . . ඔයාට තිබ්බෙ අපේ බලොග් ලියන වෙද මාමව හම්බවෙන්න . . . උන්දැ ගාව තියනව පෙති කරපු කසාය . . . .

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලියන වෙද මාමාව දැනගත්තෙ ලගදිනේ, කසායනම් පෙති කලත් දිය කලත් ඒකෙ තිත්තනම් නැති වෙන් නෑනෙ

      Delete
    2. ඒ උනාට පෙත්ත කෙලිංම උගුරටම දමාගන්න පුලුවං නෙ

      Delete
    3. මෙයා පෙති උගුරට දාගන් නෑ.. කෙලින්ම දිවේ තියාගන රස බලල ඒක කට ඇතුලෙම දියකරගන තමා ගිලින්නේ..

      Delete