Monday, February 20, 2012

රාගය ඇවිස්සු තාලය



මුලින්ම කියන්න ඕන ඉස්සර නම් මාත් ඔය නැගල යන වාද වලට හොඳට කමෙන්ට් දාපු කෙනෙක්.. හැබැයි කවදාවත් ඒක පාක්ෂිකව කමෙන්ට් දාල නෑ. මං හැමදාම මධ්‍යස්තව ඉඳගන තමා කමෙන්ට් දාල තියෙන්නේ. නමුත් ඒ ඇසුරින් ලබල තියන අත්දැකීම් අනුව මට තේරිලා තියෙන්නේ අපේ බහුතර මිනිස්සුන්ගේ තියන ප්‍රබලම ගතියක් තමා තමා කියන දේ පමණක් නිවැරදියි කියන මතයේ සිටීම. ඒ වගේම යම් මතයක් ගැන රැල්ලක් ආවොත් ඒ කියන්න හුගක් දෙනෙක් යම් දෙයක් කී පමණින්ම ඒ දෙය වැරදියි හෝ නිවැරදියි ලෙස හංවඩු ගැසීම. අපේ අයගේ ඔය ගතියෙන් හොඳම ප්‍රයෝජනේ අරගත්තේ අපේ රටේ දේසපාලුවෝ. ඔය ගතියෙන් ඒ මිනිස්සුන්ට ලැබුන දෙයක් ඇති කියල හිතන්න අමාරුයි.. අපේ දේසපාලුවෝ මෙන්ම යම් යම් අන්තවාදීන් ඔය ගතිගුනේ අපේ මිනිස්සුන්ගෙන් එලියට ගන්න ගොබෙල්ස් න්‍යාය නියමෙට පාවිච්චි කරනවා.. ඔය න්‍යාය නියමෙට වැඩ කරපු වෙලාවක් තමා තමුන්ට කඩේයන උන් දේශප්‍රේමී අනිත් උන් දේශද්‍රෝහී ලේබලය ගහපු එක. මං කොහොමත් දේශපාලනය ගැන කතා කරන්න කැමතිම නෑ මොකද ඔය දේශපාලනේ කරන එකෙක්වත් අපිට, රටට තියන ආදරේට නෙමේ ඕව කරන්නේ..


උඩින් දාල තියෙන්නේ මගේ මේ පොස්ට් එකට යම් ප්‍රවේශයක් විතරයි ඒක දිගේ යන්න මං කැමති නෑ. ඒත් මේ පොස්ට් එක මං දාන්න මුලික වුන හේතුවක් තියනවා ඒක කියන්න කලින් මේක කියවන හැමෝටම කියන්න ඕන මං උපතින්ම බෞද්ධයෙක් පොඩි කලේ ඉඳලම බෞද්ධ පසුබිමක හැදුන, කුරුණෑගල තියන ප්‍රධානම බෞද්ධ විදුහල වුන ලංකාවේම පතල මලියදේව විදුහලේ හෝඩියේ පන්තියේ ඉඳල උසස් පෙළ වෙනකල් ඉගෙනගත්ත (1995-2008) පොඩි පන්තියේ ඉඳලම කුරුණෑගල සිරි වජිරඤාණ දහම් පාසලට ගිය, අවසන් සහතික පත්‍ර විභාගය දක්වා ඉගනගෙන ඒ විභාගේ පාසේ වෙලා සහතිකෙත් තියන, දහම්පාසලේ ශිෂ්‍ය නායකකම් දරපු කැපී පෙනුන කොල්ලෙක් මං (පුරසාරමට නෙමේ කිවේ ;) ). නමුත් මගේ නමේ අගට ප්‍රනාන්දු කියල තියන හුඟක් අය මං අන්‍යාගමිකයි කියල හිතයි. අනේ නෑ... මං දන්න මගේ පවුලේ ඉතිහාසය අනුව මගේ තාත්තාත් , සීයාත් බෞද්ධයෝ එයාලත් ප්‍රනාන්දු ඒ නිසා මාත් ප්‍රනාන්දු.. :ඩී. ඒ වගේම දිනපතා පන්සිල් ගන්න හැකිතරමින් ඒවා ආරක්ෂා කරන (මං මාළු කනවා ඒකයි "හැකිතරමින්" කිවේ අනිත් කිසිම පන්සිල් පදයක් මගේ අතින් කැඩෙන් නෑ) බෞද්ධයෙක් හා සිංහලයෙක් වීම ගැන ආඩම්බර වෙන ඒත් ආගම්වාදී හෝ ජාතිවාදී නොවන බෞද්ධයක් මං. මට හුඟක් උදවු කරපු ක්‍රිස්තියානි මැක්සිලා, ඇන්ජලෝලා, ඉස්ලාම් ආගමික ශාෆ්වාන්ලා, ෆයාස්ල වගේම හින්දු ආගමික ජයකුමර්ලා, ක්‍රිෂ්නල  ඉන්නවා  ඒ නිසා ඒ මිනිස්සුන්ගේ ආගම ජාතිය ගැන මට ප්‍රශ්නෙකුත් නෑ. පිටරටකදී මොන ආගමේ මොන ජාතියේ වුනත් ඒ රටවල් වල අපිට දෙන එකම හැඳුනුම "ශ්‍රී ලංකන්" 

(බලගන ගියාම මුල් ටිකම ප්‍රවේශයනේ දැන්වත් මාතෘකාවට බහිමු. )ගිය සති දෙක තුනේ අන්තර්ජාලයේ ශ්‍රී ලාංකිකයන් අතර නැගල ගිය මාතෘකාවක් තිබ්බා ගයාන්ගේ ටිකෙන් ටික ගීතය ගැන. ෆේස්බුක් එකේ බ්ලොග් වල ඕකට බැනපු කෑගහපු අය ඕන තරම් ඇති. ෆේස්බුක් එකේ ඔය වගේ වලියන තැන්වල මං ටැග් වෙලා තිබුනත් පාඩුවේ ටැග් එක අයින් කරලා මං පාඩුවේ ඉන්නවා මොකද ඔය වලි වලට සෙට් වෙලා කුණුහරප අහගන්නයි (බොහෝවිට අන් මත නොඉවසන අයගේ රිප්ලයි එන්නේ කුණුහරප වලින්) මගේ කාලය නාස්ති කරගන්නයි මං අකමැති නිසා. ඒත් මං ඔය වලි නිකන් උඩින් පල්ලෙන් බලාගන යනවා වෙලාවක් තිබ්බොත්. මං අද ඔය ගීතයට අදාල පොස්ට් එකක දැකපු කමෙන්ට් එකක් දැකල තමා මේ පොස්ට් ඒක දාන්න හිතුවේ.. ඒ කමෙන්ට් එක දාපු කෙනාව මං දන්නෙත් නෑ ඒත් ඒ අදහස මං දරන අදහසට සමානයි කියල හිතුන නිසා මං එකත් මේ පොස්ට් එකේ දාන්නම්. හැබැයි ඒ කමෙන්ට් එක සම්බන්දව බලාගන යද්දී තමයි මං දැක්කේ පලාමල්ල බ්ලොග් එකේ තිබ්බ පොස්ට් එකක් තමා අර කමෙන්ට් එකක් විදියට් ඇවිත් තියෙන්නේ.. මුලින් මේ රාගය ඇවිස්සෙන ගීතය බලල අහල ඉන්නකෝ.. 




දැන් බලන්න ෆෙස්බුකියේ මීට අදාලව තිබුන පින්තුර 2 ක් (මීට වඩා ඒවා තිබ්බ ඒත් මේ ඇති අදහසක් ගන්න)







ඉස්සල්ලම වෙබ් අඩවියකින් මේ ගීතය ගැන දාල තිබුන අදහසක් පලකරන්න මං කැමතියි.


“භවතු සබ්බ මංගලං” ගාථාව “‍RAP” කර නටමින් මධු සමයක් රඟදක්වයි!

එක්තරා අන්‍යාගමික කල්ලියක් විසින් “භවතු සබ්බ මංගලං…” නම් ආශීර්වාද ගාථාව “‍රැප්” කර, ඩ්‍රම් තාලයට නට නටා, බයිලා ලෙස ගයමින්, එය මධු සමයක් ගත කරන දර්ශනයක් ඇති කාමුක ගීතයක පසුතලයට යොදාගෙන ඇති බව වාර්තා වෙයි.

භවතු සබ්බ මංගලං – රක්ඛන්තු සබ්බ දේවතා
සබ්බ බුද්ධානුභාවේන – සදාසොත්ථි භවන්තුතේ
භවතු සබ්බ මංගලං – රක්ඛන්තු සබ්බ දේවතා
සබ්බ ධම්මානුභාවේන – සදාසොත්ථි භවන්තුතේ
භවතු සබ්බ මංගලං – රක්ඛන්තු සබ්බ දේවතා
සබ්බ සංඝානුභාවේන – සදාසොත්ථි භවන්තුතේ

“සුභ මංගල්‍යයක් වේවා, සියලුම දෙවියන් රකිත්වා, සියලු බුද්ධානුභාවයෙන් සියලු ධම්මානුභාවයෙන් සියලු සංඝානුභාවයෙන් ඔබට සෙත සැලසේවා”

අටවිසි පිරිතේත්, පිරිත් පේ කිරීමේදීත්, මහ පිරිතේ අන්තිමටත් මේ ආශීර්වාද ගාථා රත්නයෙන් ආශීර්වාද කරන බව බෞද්ධ ඔබ දන්නවා ඇති.

මහා මංගල සූත්‍රයේ අඩංගු මංගල කාරණා ජීවිතයට උදාවෙන්න කියලයි මෙහෙම ආශීර්වාද කරන්නේ, ඒත් මෙම ගයාන් පෙරේරා නැමැති පුද්ගලයා විසින් ඔහුගේ කසිකබල් සින්දු වලට ඒ පිවිතුරු උත්තරීතර ආශීර්වාදය යොදාගෙන තිබෙන්නේ ඊනියා මධුසමයක් එක්ක සම්බන්ධ කරලයි.

මිනිසුන්ගේ රාගය අවුස්සන අනඟ ‍රැඟුමක පසුබිකට මේ පිවිතුරු ගාථාරත්නය යෙදීමෙන් මොවුන් මොකක්ද අදහස් කරලා තියෙන්නේ. මඟුල් ගෙදරකදී වුණත් මේ ගාථා වලින් ආශිර්වාද කරද්දී මනාල යුවළ කොතරම් සංයමයකින් සිටිනවාද කියල ඔබ දන්නවානේ.


ගයාන් පෙරේරා

සුනිල් පෙරේරාත් අපගේ සිංහල බෞද්ධ සංස්කෘතියට කොතරම් අපහාස කළ පුද්ගලයෙක්ද කියා ඔබ දනන්වා ඇති. “අයි ඩෝන්ට් නෝ වයි” වැනි ගීත දෙස බලන විට, ඔහුගේ ගීත වල ඇත්තේ සිංහල බෞද්ධයන් කෙරෙහි ක්‍රෝධය නොවේද? ඒ ගැන අනුකම්පා කරමින් කිසිවක් නොකර සිටි නිසා දැන් ඔහුගේ පුතන්ඩියා වන ගයාන් පෙරේරාත් බුදු දහමට දිගට හරහට පහර දෙන්න පටන් අරගෙන. මේ ගැනත් කිසිදු නීතිමය පියවරක් නොගෙන සිටියොත්, රුපියල් ශත ඉදිරියේ ඕනෑම දහදුරා වැඩක් කරන මොවුන් ඉස්සරහට “අකෝන්” කළාක් මෙන් බුදුන් ඉදිරිපිට නිරුවත් කාන්තාවන් නර්තනයේ යෙදෙන ගීත වුණත් හදන්නේ නැතිව සිටීවිද?

මිතුර, මේ අපගේ පූජනීය බුදු දහම ඉලක්ක කරගෙන සැලසුම් සහගතව කරන ලද ප්‍රහාරයක්. අමා මෑණියන් වහන්සේට පස් වරක් පුද දෙන ලද මේ පින් බිමේදීම සිටිමින් ඔවුන් මේ සමච්චලයට ලක් කරන්නේ ඔබගේ මුතුන් මිත්තන් අවූරුදු දෙදහස් හයසීයක් කල් දිවි පුදා ‍රැක ගත් ඒ උතුම් බුදු දහමයි. ඔබට සසර දුකින් එතෙර වීමට උපකාරී කරන ඒ උතුම් ශ්‍රී සද්ධර්මය, නිවන් දක්නා තුරා ඔබව ආරක්ෂා කරනා ඒ උතුම් ශ්‍රී සද්ධර්මය, එවැනි අසත්පුරුෂයන්ගේ පහත් ආශාවන් තෘප්තිමත් කර ගැනීමට හා නින්දාවට ලක් කිරීමට ඉඩ දී කිසිදු නීතිමය ක්‍රියාවක් ගන්නේ නැතිව උඩබලාගෙන සිටිමුද?



ඔබ අසා තිබෙන්න පුළුවන් ඉරාජ්ගේ “සිත්ති මනීලා” ගීතය. අන්න ඒ ගීතය දැන් ශ්‍රී ලංකාව තුළ තහනම් කරලා. ඒකට හේතු වුණේ ඒ ගීතය අතරමැද මුස්ලීමුන්ගේ අල්ලාහ් වෙනුවෙන් සලාත් (Pray) කරන නාදයක් ඇතුළු කර තිබීමයි. එහෙම වෙලා තියෙද්දීත්, අමු අමුවේ බුදු දහමට අපහාස කරන “ටිකෙන් ටික” ගීතය තහනම් නොකළොත් ඉන් හැඟවෙන්නේ සිංහලයන්ගේ රටේ සිංහලයන්ට වඩා මුස්ලීමුන් බලවත් කියල නොවෙයිද?

“මට ඔබට වෙඩි තැබිය හැකිය, ඒත් ඔබට ඒ ගැන පොලීසියටවත් පැමිණිලි කළ නොහැක, ඒ ඔබ අන් අයට මෙත් වඩන බෞද්ධයෙක් බැවිනි, පොලිසීයට පැමිණිලි කළොත් ඔබ මට ක්‍රෝධ කළා වෙයි….. අබෞද්ධ අප දඩයක්කරුවන්ය, ඒත් ඔබ බෞද්ධයෙක් නිසා දඩයම බවට පත් විය යුතුය” ඔන්න ඕක තමයි අද කාලයේ අබෞද්ධයින් විසින් සිංහල බෞද්ධයන්ට කියන්නේ.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව වැනි වගන්තියේ මෙහෙම දැක්වෙනව.

9. The Republic of Sri Lanka shall give to Buddhism the foremost place and accordingly it shall be the duty of the State to protect and foster the Buddha Sasana, while assuring to all religions the rights granted by Articles 10 and 14(1)(e).

සිංහල බෞද්ධයින් වන අපි කිසිදාක සතුරෙකුටවත් වෛර කරන්නේ නෑ. එනිසාම විහින් තම සසර ගමන දික් කරගත් ගයාන් පෙරේරා කෙරෙහිත් අපිට වෛරයක් නෑ. ඒ මෛත්‍රීසහගත සිතුවිලි සහිතවම, ගයාන් ඇතුළු බෞද්ධ විරෝධී කල්ලියේ නීතිවිරෝධී වැඩපිළිවෙළට විරුද්ධව උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අපි සියල්ලන්ම එක්කාසු විය යුතුයි.

සෑම පොහොයකටම තම මැදුරේදී බණ අසන පින්වත් මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමනි, මේ සිංහල රටේ ථේරවාදී සම්ප්‍රදායේ භාරකරුවා වන ඔබතුමාගෙන් අපි ඉතාමත් ගෞරව පූර්වකව ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධයෙන් හැකි ඉක්මනින් ක්‍රියාමාර්ගයක් ගැනීමට අදාළ අංශ යොමු කරන ලෙසටයි. ක්‍රිස්තියානි ආගමට අපහාස වෙන “The Da Vinci Code” චිත්‍රපටය තහනම් කළ ඔබතුමා, ළමා අපචාරයක් පෙන්වන අසෝක හඳගමගේ “අක්ෂරය” චිත්‍රපටය තහනම් කළ ඔබතුමා, බුදු දහමට අපහාස කරන එම “ටිකෙන් ටික…” ගීතයත් තහනම් කර මේ පව්කාරයාට රටේ නීති ප්‍රකාරව උපරිම දඬුවම් ලබා දීමට අදාළ අංශ යොමු කරනු ඇතැයි අපි උදක්ම බලාපොරොත්තු වෙමු. ඔබතුමාට පියෙක්ට සේ ආදරය කරන සිංහල බෞද්ධ ජනතාවගේ බලාපොරොත්තු කඩ කර ඔබතුමාට ඇති ජනබලය නැති කරගන්න එපා.

Read more: http://sinhalabuddhist.com/2012/02/gayan/#ixzz1muQQRWh1
Under Creative Commons License: Attribution



ඒ එක පැත්තක අදහසක්..

මේ තියෙන්නේ මුලින්ම මං ෆේස්බුක් කමෙන්ට් එකකින් දැක්ක පලාමල්ල බ්ලොග් එකේ පොස්ට් එක.


ටිකෙන් ටික අහල රාගය ඇවිස්සුනාද ???



මාසෙකට පාරක් එන පෝය දවසෙ කලින් අරන් තියපු බෝතල් ටික හිස් කරල සිල් පදේකුත් කඩන අපේ කට්ටිය... එහෙමත් නැත්තම් පෝය දවසට ලස්සන කෑලි එන නිසා පන්සලට යන සමහර කට්ටිය... " භවතු සබ්බ මංගලම් " ගාථා පාඨය ගීතයක යෙදුනා කියලා ජංජාලෙ පුරාවට ලොකු කලබගෑනියක්...


ඔය කෑගහන යතුරු පුවරු වීරයො ටික අඩුම ගානේ පෝයට සිල් ගන්නවද.. ?
පන්සිල් පද 5 රකිනවද... ?
බොහෝ අයට පන්සල මතක් වෙන්නේ විභාගයක් ලං උනාම... අසනීප උනාම... ඒ සැබෑ ලෝකයෙදි...


ඒ උනාට ජංජාලෙට ආවම... බුදු දහම වෙනුවෙන් කැපවෙලා...

අර චීවරේ පටලගෙන හූනියම් ගුරුකම් රටේ නැති අවලම් වැඩ කරන්න එව්වො ගැන අච්චර එලි කලා එකෙක් සද්ද නෑ... රැල්ලට වගේ කෑ ගහනවා ගීතයක් අල්ලගෙන... පහුගිය නොවෙම්බර් එලියට ආපු මේ ගීතයට විරුද්දව මෙච්චර විරෝදයක් මාස ගානකට පස්සෙ එක රැයින් ඇති උනේ සයිට් එහෙක වැටුන පෝස්ට් එහෙකින්.. එතකන් එකෙක්ට තේරුනේ නැද්ද මේ ගීතයෙන් හානියක් උනා කියල.. ඔක්කොම රැල්ලට කෑ ගහනවා.. තව සති 2 ක් යද්දි මේ ඔක්කොම ඉවරයි...සමහර විට මනාප ටික හදාගන්න මේ සින්දුව තහනම් කරන්නත් බැරි නෑ අද හෙටම.. දීපාල් සිල්වගේ මේ රටේ මිනිස්සුත් තහනම් කලේ.. වචනයක් ගානේ ඇත්ත ඒකෙ කියන්නේ... පිස්සුම තමා..

පහුගිය දවස් වල අර නයන කියල ඩයල් එකක් බුද්දාගමට අපහාස කරා කියල ලොකුවට කෑ කෝ ගහල ඒ මනුස්සයගේ ෆෙස් බුක් එකෙයි යූ ටියුබ් එකෙයි බුදු දහම රැක ගන්න කියල කුණුහරුප වපුරන්න ගත්තා. යතුරු පුවරු වීරයන් බුදු දහම ගැන දන්න තරම කියල හිතුනා රෙදි උස්සන් කුණුහරුප වපුරද්දි ඒ මනුස්සයගේ වීඩියෝ එකට... දැන් සද්දයක් වත් නෑ...


එහෙන් එකෙක් අර සෝවාන් වෙලා කියල තව සෙල්ලම්ක් දානවා.. ඒ ගැනත් සද්ද යක් නෑ...

සෙට් එකක් කියනවා මේ සින්දුවෙන් රාගය ඇවිස්සෙනවා කියල... හත් ඉලව්වෙ මේ සින්දුවේ එහෙම ඇවිස්සෙනවා නම් මුන්ව මඟුල් ගෙදරකට වද්ද ගන්න බෑනේ... හිතේ තියන වලත්ත කම නිසා නොවෙන්න මේකට එහෙම රාගයක් ඇවිස්සෙන්න අඩුම ගානේ කොට ඇදුමක් ඇදපු කෙලි පැට්ටෙක් වත් නෑ නෙව...


ගාථාව රැප් කරලලු... අනේ ඔය ගූගල් එකේවත් රැප් කියන්නේ මොනාද කියල හොයල බැලුවනම්...

තව එකෙක් කියනවා මදු සමය ගැන කියනවලු... මඟුලක් කෑවට පස්සෙ ඉතින් ඊලඟට යන්නේ ඕකට තමා.. මේ ගීතයේ ඒ ගිහිල්ල කරන කියන එව්වා නෑ නේ.. එහෙනම් ඉතින් මඟුල වෙලාවෙ ගාථාව කියන එකත් වැරදි..


ඒ මදිවට ගයාන්ගේ තාත්තත් ඇදල අරන්.. දෙමව්පියන්ගෙ වැරදි වලට දරුවො ගාවගන්න ඕනිද ?


ගංජ ගහන... හිරෙන් පැනල ගේම් දෙන... එහෙමත් නැත්තම් දෙපැත්ත කැපෙන කුණුහරුප කැලි තියෙන සින්දු එක්ක බලද්දි මේක උපරිමයි...


අන්තවාදී නොවී අහන්න පුළුවන් නම් ගීතය... ඒ අවස්ථාවට ගැලපෙන විදියට පසුබිමින් එම කොටස එක් වෙන්නේ.. පැහදිලිවම කිසිම හානියක් කරන අදහසක් එහි නෑ...


පටු විදියට හිතන අන්තවාදියො වෙන්න එපා... බුද්දාගම කියන්නේ අන්තවාදී දහමක් නෙමෙයි. .. අනික වෙනත් ආගම් වල අන්තවාදීන් බෞද්ධයන් විදියට පෙනී සිටිමින් උබලව උසි ගන්වනවා වෙන්නත් පුළුවන්... ඉතින් උබලත් උඩ පැනගෙන කෑ ගහපල්ලා....

මීට වඩා ලොකු දේවල් වෙනවා... පොඩ්ඩක් බලපල්ල නැගෙනහිර දිහාවෙ වෙන්නේ මොනවද කියල ?? අර කූරගල පුදබිම ගැන වටිනා ලිපියක් තිබුනා අනේ ඒ ගැන කතා කලේ කීයෙන් කී දෙනාද ?? දේශපාලකයොත් චන්ද ටික තියා ගන්න සද්ද පියන් ඉන්නවා... ඇත්තටම නැගී සිටින්න ඕනි දේවල් වලට විරුද්දව නැගිටපල්ල.. බොරුවට කෑ නොගහ...

රාගය ඇවිස්සෙන වුන් මෙන්න මේක අහල තව ටිකක් ඇවිස්සියන්...


ඔන්න තිරණය ඔබට බාරයි...

11 comments:

  1. අමරදේව මහත්තයා,නන්දා මාලනී මහත්මිය ආදී ප්‍රවීන ගායක ගායිකාවෝ ව්‍යංගයෙන් කියන දේ අද කට්‌ටිය කෙලින්ම ගීතයෙන් කියනවා,මේ ඔක්‌කෝගෙන්ම කියන්නෙ හා පේන්නේ අද ලංකාවෙ මිනිස්‌සුන්ට ගීතයක්‌වත් රස විදින්න දන් නෑ කියන එක
    හනේ කාලේ වනේ වාසේ කීවලු

    ReplyDelete
    Replies
    1. හනේ කාලේ වනේ වාසේ වෙන්නේ ජාතියක් ජම්මයක් සංස්කෟතියක් ආගමක් නැති අයට අනේ..

      Delete
    2. සබ්බ ධම්මානුභාවේන - කියනකොට ගයාන් දත්මිටි කාගෙන ලීඩ්/බේස් ගිටාර් ගහන එක ඔයාට පේන්නේ නවීන තාලය කියලා ද?

      ගයාන්ට තිබ්බා අඩුම තරමේ මේ ගැන විද්වත් කෙනෙකුගේ අදහස් අරගෙන කටයුතු කරන්නම් කියන්න...

      තා‍ත්තගෙම පුතානේ.. කිව්වේ වැරැද්දක් නෑමයි කියලා.... ඔයාලා ඒ තාත්තගේම දුවලා වගේ.. බලාගෙන අරෙහෙ මෙහේ අතගායි දුව කියලා බලන්නැතිව...

      Delete
    3. @ යෝධයා- ඕන කෙනෙක්ට තමුන්ගේ ස්වධීන අදහස් දක්වන්න අයිතිය තියනවා. ඒ නිසා කරුණාකරලා කිසිම කෙනෙක්ගේ අදහසකට ගරහන්න එපා. අපහාස වන ආකාරයේ දේවල් කියන්නත් එපා කියල කරුණාවෙන් ඉල්ලසිටිනවා. ඔයත් ඔයාගේ අදහස් ස්වාදීනව දක්වන්න.. පාර්ශව දෙකකම අදහස් පලකරලා "ඔන්න තිරණය ඔබට බාරයි..." කියල ඉහතින් දක්වල තියනවා.. ඔයාගේ තිරණය කිව එක ගැන සතුටුයි අනිත් අයට හානි නොවන ආකාරයට ඉදිරිපත් කරන්න "බලාගෙන අරෙහෙ මෙහේ අතගායි දුව කියලා බලන්නැතිව..." මේවගේ දේවල් නොගැලපෙනවා කියන එකයි මගේ හැගීම

      Delete
  2. මටනං ඒ සිංදුවෙ වැරැද්දක් නෑ බං

    ReplyDelete
  3. oka rap karanna onanam buduhamuduruwoma eka karanawa.thawa tika kalekin national song ekat oya widiyatama apita rap karala ahanna hambawey.kahawanu puujasanayata apekama dothin aragena puuja karana me wage young businessmanla gana api adambara wenna ona.

    ReplyDelete
  4. පරණ කුණු බාල්දියක් ! ,මම කිහිප තැනකම කියපු දේ තවත් වතාවක් කියන්න කැමතියි , ඒ තමයි ගයාන් ගීතයක් හරියාකාරව රසවිඳින්න නොදන්න ,වෙනස් වීමට වෛර කරන ලිං මැඩියන් ඉන්න සමාජයක වෙනසක් කරන්න උත්සහා කිරිමෙන් බරපතල වරදක් සිදුකලාය කියන එක

    ReplyDelete
  5. මාත් සිංදුවක් කරන්න හිටියේ වැඩේ කල් දැම්මා.....

    ReplyDelete
  6. මටනම් මේකට හරි කියන්නවත් වැරදි කියන්නවත් ඕන නැහැ...හැබැයි, "සිත්තිමනිලා" ගීතය තහනම් කරපු එකට මේ කවුරුවත් විරුද්ධ නැද්ද? ගයාන්ගේ සින්දුව තහනම් කරන්න කියල ඉල්ලනකොට විතරද කෑ ගහන්නේ?

    මටනම් හිතෙන්නේ ගයාන් වැරදියි කියන අය කෑ ගහන්නෙත් රැල්ලට..ගයාන්ව සාධාරණීකරණය කරන අය කෑ ගහන්නෙත් රැල්ලට...(මගේ අදහසක් පමණි)

    ReplyDelete
  7. චැහ් අපරාදේ සිත්තිමනිලා සින්දුව සැග වුනු අර්ථයක් තියන සින්දුවක්

    ReplyDelete
  8. මගේ නැණ පමණ මදි වගේ කොමෙන්ට් කරන්න තරං

    ReplyDelete