Saturday, December 17, 2011

බිස්කට් බෙදිල්ල






ඔන්න ඉතිං මගේ බ්ලොගියේ කස්ටියට බලන්න සුට්ටන් කතාවක් දානවා.. මේ කතාව මීට කලින් මං ලාස්ට් රෝ එකට ලියපු කතාවක්. කියවල බලන්නකෝ මගේ සුන්දර ඉස්කෝලේ කාලේ ගැන

මං ඉන්නේ කුරුණෑගල, ඉස්කෝලේ ගියේ මලියදේවේට. අපි උසස් පෙළ කරන කාලේ මං ළඟ තිබ්බ සුපිරි ෆෝන් කට්ටක්.. ඕක ළඟ නැති උනාම ඉතින් අතක් පයක් නැති වුනා වගේ තමා.. කොහොමින් කොහොම හරි ඔය ෆෝන් එකේ පොඩි ජන්ගිලි බිරිස් එකක් වෙලා මං දුන්න හදන්න… හදන්න දීල දවසකින් එන්න කිවම ගියා හදල තිබ්බේ නෑ.. (ෆෝන් හදන උන් ඔහොම්මමයි.!!) පොර කිවා මල්ලි හෙට 11 වෙනකොට එන්න දෙන්නම් කියල. 11 කියන්නේ අපිට ඉස්කෝලේ ඉන්ටර්වල් වෙලාව කොහොම හරි ඉන්ටර්වල් එකට ගෙනාපු කෑම එක සුපුරුදු පරිදි උදේ පාන්දරම ඉවර කරලා 11 ට ෆෝන් එක ගේන්න යන්න මගේ යාළුවො දෙන්නෙක් වෙච්ච ජයයි, ඩැපායිත් සෙට් කරගන හිටියේ..

ඉස්කෝලේ වෙලාවේ අපිට පිටට යන්න තහනම් නිසා අපි පාවිච්චි කලේ නිල නොවන මාර්ගයක්, ඒතමා ඉස්කෝලේ හොස්ටල් එක තියෙන්නේ ඉස්කෝල වත්තේ කෙළවරක්.. එතන ගේට්ටුවක් තියනවා සිකුරුටි අන්කල් කෙනෙකුත් ඉන්න. පොඩි උන්ට යන්න දෙන්නේ නැති වුනාට උසස් පෙළ නිසා අපිට අන්කල්ට පොඩි ශේප් එකක් දාල එලියට පැනගන්න පුළුවන් වුනා..




ෆෝන් එක හදන්න දුන්න කඩේ එතනට යනකොට වහල. මට ඉතින් පුෂ්පය පොලා පනින සයිස් ඉතින්.. කොහොම හරි ඉතින් ආයි අපි එනකොට ඉන්ටවල් ඉවර වෙලා. අර ගේට්ටුව ලඟට එනකොට ඒක ලොක් කරලා සික්කා අන්කල් අතුරුදහන් වෙලා.. එදා පිනා (විදුහල්පති තුමා) ඉන්ටවල් එකෙන් පස්සේ ඉස්කෝලේ වටේ සක්මන් කොරන දවස, පිනාට අහුවෙන්න කලින් පන්තියට යන්නත් ඕන. ඊළඟට තිබ්බෙත් පිසික්ස්, පිසික්ස් සර්කාරය පන්තියට ආපුගමන් නාම ලේඛ්නේ බලන්නේ කීදෙනෙක් අඩුද කියල.. ඉස්කෝලේ ඇවිත් ඒ වෙලාවේ පන්තියේ නැත්නම් බඩු ෂුවර් ඉතින් පහුවදාට..

ඔය ඔක්කොම සීන් ඔලුවේ කැරකෙන අස්සේ මෙච්චර ලේසියෙන් ඉස්කෝලෙන් එලියට ආපු අපිට ඇතුලට යාගන්න විදියක් නැතුව ඉන්නවා..

අපේ ඉස්කෝලේ පිටිපස්සෙන් තමා බුඇල ගලාගන යන්නේ කුරුණෑගල ටවුමේ සියලුම දියරමය අපද්‍රවය නිල නොවන වශයෙන් ඕකට එකතු වෙනවා.. අපි දැන් හිටගන ඉන්න තැනයි ඉස්කෝලේ වත්තයි බෙදිලා තියෙන්නේ ඔය බුඇලෙන්. ආසාවේ බෑ වතුර ටික කළුම කළු පාටයි. ඉස්කෝලෙට මායින් වෙන්න තව කැලේ වැහුන වත්තක් තියනවා ඔය වත්තේ වැට ගහක් වැටිලා තැනකින් කැඩිලා තියනවා ඔය වත්තට පන ගත්තා නම් ඉස්කෝලෙට පැනගන්න පුළුවන්. ඒත් ඉතින් මේ බුඇල නිසා ඒ වත්තට පැනගන්න විදියක් නැතුව ඉන්නකොට මීට කලින් මෙහෙම වැඩක වුන පින්වතුන් කට්ටියක් බු ඇල හරහා කළු ගල් 4 ක් දාල පොඩි පාරක් හදල තිබුනා ඒ වත්තට.

ඩැපා, ජයා, මං යන පිලිවලට අපි දැන් බු ඇල තරණය කොරද්දී බුඇල මැදදී ගලක් ලිස්සලා ජයාගේ එක කකුල් ඇලේ වැටුනා.. හපොයි… සුදු කලිසම් කකුලේ දණහිස හරියටම කාල වර්ණ ජලය විසිවෙලා.. සපත්තුවෙන් එකයි ඒ ශුද්ද ජලය.. කොහොම හරි අපි ඇල තරණය කරලා අර වත්තට ඇවිල්ල අර ගහ වැටුන තැනින් ඉස්කෝලේ වත්ත ඇතුලට අර ආපු පිලිවලටම ඇතුළු වෙද්දී ඩැපායි, ජයයි පැන්න මං පනින්න යද්දී මොකක්ද මන්ද කළු පාට පොල්ලක් මගේ මුණ ලඟින් ගියා…

අම්මෝ…… අර ගහඋඩ පත කබරයෙක් ආතල් නින්දක් දාගන නැට්ටත් වන වන ෆන් එකේ ඉන්නවා.. මේ මුසලයා දැන් මට යන්න දෙන්නේ නෑ වගේ. පස්සේ මං පුරුස දහිරිය අරගන, තිස්තුන් කෝටියක්‌ දෙවියන්ට පින් දීල වැටෙන් පැන්න ආබාදයක් නැතුව.. දැන් හොඳටම පරක්කු වෙලා නිසා මං ජයට කිව පන්තිය ළඟ ටැප් එකේ කකුල හොදගමු ඉකමනට යමු කියල මු කිව

“තොපිට නහයක් නැති වුනාට අනිත් උන්ට තියනවා, මං හොස්ටල් එකේ ටැප් එකෙන් මේක හෝදගන එන්නම් අපිට දැන් තියෙන්නේ ඉංග්‍රීසි” කියල

(ජයා අපේ පන්තියේ නෙමේ, එහා පන්තියේ)
මායි,ඩැපායි පන්තියට ගියා. වෙලාවට සර් ප්‍රශ්න පත්තර වගයක් බලනවා ඒ නිසා උගන්වල නෑ. ඒ අස්සේ පන්තියේ කොල්ලෙක්ගේ උපන්දියක් නිසා පන්තියේ උ බිස්කට් බෙදනවා. අපිත් ඉතින් පාඩුවේ බිස්කට් එකක් කාල ඉන්නකොට ටික වෙලාවකින් පිනා එනවා ඒක අතක ජයාගේ කනයි අනිත් අතින් අපේ ජැකා කියන කොල්ලගේ කනයි අල්ලගන. ඇවිත් අපේ සර්ට සද්දයක් දැම්මා

පිනා- “මිස්ටර් බණ්ඩාර, මොකද මේ උගන්වන වෙලාවේ ළමයි පන්තියේ නැත්තේ? හොයල බලන්නේ නැද්ද ළමයි ගැන..!!”

සර්- “නෑ සර් ඔය ළමයෙක්ගේ උපන්දිනේ කියල මේ ළමයි දෙන්නා ගියා බිස්කට් බෙදන්න” (මුන්ව බේරගන්නත් එක්ක සර් පොඩි පචයක් ගැහුවා)

ජැකා- “ඈ… මේ අපි..??? අනේ සර් අපි නම් බිස්කට් බෙදුවේ නෑ අම්මපල්ලා…”

මේ කතාවට මල පැනල හිටපු පිනාගේත් මල හෙදුනා..


මේ සිද්දිය වුන වෙලේ අර කතාව කියද්දී ජැකාගේ මුණ තිබුන විදියක් මතක් වෙද්දී අදටත් මට නම් හිනා යනවා..

9 comments:

  1. එක දවසක් හරි අපේ ඉස්කෝලේන් හොරෙන් පැන්න නැති කොල්ලෙක්නම් හොයන්න බැරි වෙයි :) මමත් එක දවසක් පිනාගෙන් කනේ පාරක් කාල තියේ ඒනං වෙන කේස් එකකට ;)

    ReplyDelete
  2. Word Verification අයින් කරන්න එතකොට කොමෙන්ට් කරන්න ලේසියි.

    ReplyDelete
  3. මේ බ්ලොගර් වල අලුත් ඉන්ට්ෆේස් එකේ Word Verification අයින් කරන ඔප්ෂන් එක නෑ.. මාත් නෙට් එකේ හොයල හොයල තමා දැනගත්තේ එක අයින් කරන ක්‍රමේ. ඒකට පරණ ඉන්ටර්ෆේස් එකට ගිහින් Word Verification අයින් කළා. දැන් වැඩේ හරි

    ReplyDelete
  4. M1 එකේ ආතල් කාලේ.. එලම තමා වනිගයෝ..

    ReplyDelete
  5. onna horata issella kehelkana wata panalaa...

    ReplyDelete
  6. මට පේන විදියට ඇනොනිමස් කමෙන්ට් එක ජැකාගෙ වගේ..

    ReplyDelete
  7. AMMATA !!! MAMA NAM SCL 1KEMAN HITIE 1KA DAWSAK WATH OWWAGE NARAKA WADAK KARALA NA.........HKz

    ReplyDelete