Friday, December 23, 2011

ළයේ කඳුළු



ගෙවෙන්නත් ලඟයි පස් වසක්
අපටත් නොදැනී, මේ සෙනේ බැඳුමට
අමිහිරි මිහිරි මතකයන් කැටිකොට
මුහුණ දුන්නෙමු අප එකෙකු විලසට

කෙසේ පවසන්නද ඔබ හට
මා දුරක යන වග
උනයි උණු කඳුළු කැට 
මා දෙනෙත් අගට


අප මැවූ ඒ පැතුම් පොකුරු
ඉටු කරන අටියෙන්
පියාඹන්නෙමි දුරු රටකට
වෙන වී ඔබ සුවඳ රැඳී මානෙන්



තෙරපුනත් දහසක් හැඟුම් හද තුල
මුවින් නොදොඩන්නේ 
දැරිය නොහැකි නිසයි
කඳුළු ඔබේ නෙත් අගේ


ගතින් වෙන්වන මුදු ඔබේ දෑස් මානෙන්
සිතේ තවරා ගනිමි නුඹේ ඒ මුදු වදන්
දිව එමි ඔබ වෙතට තව දෑ අවුරුද්දකින්
නමුදු ඒ කාලය කල්පයක් වේවි මට...


කවි නිසඳැස් ඔයාගෙන් මට ගොඩක් ලැබුනා.. ඒත් ඔයාට වගේ හැකියාවක් මට තිබුනේ නැති නිසා ඔයාගේ ඒ පද පේලි මං රස විඳලා විතරක් හිටිය. ස්ක්‍රීන් එක කීප වතාවක්ම මොන්වාගෙන්ද මන්ද බොඳ වෙලා යන අතරේ ජීවිතේ පලවෙනි වතාවට වචන ටිකක් මට තේරුණ විදියට පෙලගස්වල නිසඳසක් වගේ එකක් මං ලිවේ ඔයාටමයි.

3 comments:

  1. කතන්දරට කවි ලියනවට විරුද්ධව කොමෙන්ට් එකක් දාල ආව විතරයි, උඹත් බොලේ කවි ලියන්න පටන් ගත්තද?
    හා..හා...හොඳයි... :-D

    ReplyDelete
  2. කොහෙද යන්නෙ..අවුරුදු දෙකකට..? මොන්ව උනත් කවියක් නිසඳසක් ලියවෙන්න මූඩ් ගහන්නම ඕනෙ....!

    ඔය තියෙන්නෙ අපූරුවට ලියවිලා...

    ReplyDelete
  3. @ ඔබා, කවි ලිවේ නෑ මාමේ.. නිකන්ම ලියවුනා..

    @දුමී, ඩුබායි කාන්තාරෙට තාම යන්න ඉන්නේ. දුමී අයියගේ කතාව නම් සැටිපිකෙට් ඇත්ත..

    ReplyDelete