Friday, December 30, 2011

මා ඉතින් යන්න යනවා.. මට යන්න අවසරයි..

කම්පියුටරේ ළඟ,
ජීනියස්ගේ කාමරේ,
කුරුණෑගල,
ශ්‍රී ලංකාව
30/12/2011


මේ බ්ලොගිය බලන මගේ මිතුරු මිතුරියෝ සැමටම,


අද 2011 අවුරුද්දේ දෙසැම්බර් 30 හෙටින් මේ අවුරුද්දත් ඉවරයි.. මේ දවස් වල මාර විදියට බිසී. අලුත් අවුරුද්ද නිසා නම් නෙමේ, අලුත් අවුරුද්දට රට දාල යන නිසා.  ඔන්න ඉතින් බිසී නිසාම මේ පොස්ට් එක බොහොම කෙටි කරනවා. කෙටියෙන් හරි පොස්ට් එකක් දාන්න කල්පනා කලේ මේ ජනවාරි පළවෙනිදා ලංකාවෙන් පිටවුණාට පස්සේ අයි මේ බ්ලොගිය පැත්තේ කවදා එන්න වෙයිද කියල මං වත් දන්නේ නෑ. ඉතින් ඒ නිසා මට යුතුකමක් තියනවා මේ බ්ලොග් එක බලන මගේ මගේ යහළු යෙහෙළියන්ට නිල වශයෙන් මේ දේවල් කියල යන්න.


මං පළවෙනිද රෑට ඩුබායි බලා ගුවන් ගතවෙනවා. ගොඩක් දුකයි ලංකාව දාල යන්න.. ඒත් ඉතින් ජීවිතේ හැටි මෙහෙම තමා කියල හිතාගන හිතේ ලොකු දුකකුත් තියාගන ගමනට ලැස්ති වෙනවා. මං ජංජාලෙට සම්බන්ද වෙන්න මාර්ගයක් හදාගත්ත ගමන් මේ පැත්තට එනවා. එතකල් ජීනි මේ බ්ලොගිය බලාගනියි. ඉතින් එහෙනම් කට්ටියටම සුභ අලුත් අවුරුද්දක් වේවා කියල මං ප්‍රර්ථනා කරනවා.. ඔයාල ඔක්කොටම බුදු සරණයි..


මීට ජීනියස් (සමීර චතුරංග ප්‍රනාන්දු)


මා ඉතින් යන්න යනවා..
මට යන්න අවසරයි..
මට අරං යන්න ඇත්තේ..
මේ මතකය විතරයිනේ..



8 comments:

  1. සුභ ගමන් ජීනියස්

    ReplyDelete
  2. එළ මචෝ.. හිතට ෆිට් එක අරගන පලයන්.... ජීවිතේ ඔහොම තමා... මොකක් හරි දෙයක් ලබන්න නම් මොකක් හරි කැප කිරීමක් කරන්ඩ වෙනවා....

    මාත් අද රෑ ගුවන් ගත වෙනවා.. වචනයෙන් විස්තර කරන්ඩ බැරි හැගීම් සමුදායක් තමා හිතේ තියෙන්නේ... දෙන්ඩ පුළුවන් හොඳම උදාහරණය තමා "මරන්ඩ ගෙනියන හරකා"... අන්න ඒවගේ තමා ඔය ගමන යන්නේ...

    උඹට ඉක්මනිනම හොඳ ජොබක් සෙට් වේවායි පතනවා !!!

    ලබන්නාවූ නව වසර සුබම සුබම අළුත් අව්රුද්දක් වේවා !!!

    ReplyDelete
  3. May All your dreams come true..
    All the Best...!!!
    GAC

    ReplyDelete
  4. ජීවිතේ හැම පැතුමක්ම ඉටුවේවා.

    ReplyDelete
  5. සුබ ගමන් සහෝ... ආයිත් ලංකාවට ආවම අපි හමුවෙමු.

    යූත්මැක්ස්

    ReplyDelete
  6. 'It is a lat' පිහිටෙන් බ්ලොග දිගටම ලියන්න ලැබේවායි පතනව.
    'සුභ ගමන්....!!!'

    ReplyDelete
  7. සුබ අනාගතයකට සුබ පැතුම්...

    ReplyDelete