Saturday, December 17, 2011

ජීනියස්ගේ බ්ලොගිය ගැන..

ඔන්න ඉතිං මාත් හා හා පුරා කියල බ්ලොගියක්‌ කොටන්න පටන්ගත්තා. හැමදාම බ්ලොග් අවකාශයේ සැරිසරමින් හුඟක් අයගේ බ්ලොග් කියවපු මං කල්පනාකොලා මාගේ කියලත් බ්ලොගියක්‌ පටන් ගන්න.


බ්ලොග් වල සැරිසරද්දී මං දැකපු දෙයක් තමා හුඟක් බ්ලොග් ලියන අපේ අය පිටරටවල ඉන්නේ. මං නිතරම බලන ඇන්ඩයියාගේ ඕනයා බ්ලොග් එක දුමී අයියාගේ බ්ලොග් එක ඔබා මාමගේ ඔබ්සර්වර් වගේ තව ගොඩක් ඒවා තියනවා. ඉතිං මේවා කියවද්දී හුඟක් වෙලාවට දුක සතුට මුසු වෙච්ච සටහන් ගොඩක් තියනවා. මෙච්චර කාලයක් ගෙදරට වෙලාම හිටපු මම (ඒ කිවේ ජොබ් වලට ගියෙත් ගෙදර ඉඳල) තව සති කීපයකින් ඩුබායි බලා පියාසර කරන්න ඉන්නේ ජොබ්ස් කට්ටක් කරන්න.. මගේ තාත්තත් ඉන්නේ එහෙ. 


ඒත් මේ හැමෝගෙම බ්ලොග් කියවල වගේම මගේ තාත්තා කියපු දේවලුත් අනුව මං තේරුම් ගත්ත දෙයක් තමා පිටරටක ඉද්දි තමුන්ගේ කියන අය නැතුව තමුන්ගේ ඉපදුන මහපොලොවෙන් ඈත්වෙලා ඉන්න එක මහා කටුක දෙයක්. ඉතිං මාත් ඔය කට්ට කන්න බලාගන තමා යන්න හිතාගන ඉන්නේ. ඉතිං ඔය රටවල ගිහින් නිදහසක් තියන වෙලාවක කොටන්නත් බලාපොරොත්තුවෙන් තමා මේක අද පටන් ගත්තේ. මට නිශ්චිත අදහසක් නෑ මේ බ්ලොගියේ හරියටම අහවල් දේවල් දානවා කියල. ඒ නිසා මගේ ජීවන අත්දැකීම් රස කතා, දුක හිතෙන කතා, අමුතු කතා, දැනුමට අලුත් දේවල් එකතු කරන දේවල් වලින් මේ බ්ලොගිය පෝෂණය කරන්න මං බලාපොරොත්තු වෙනවා


කොහොමත් මේ බ්ලොග් කෙටිල්ලට මං අලුත් නිසා යම් යම් අඩුපාඩු වැරදි එහෙම ඇති. ඒවා ඉතිං මේ කියවල බලන කස්ටිය මට කියල දෙනවා නම් නිහතමානිව හා ස්තුතිපුර්වකව ඒවා බාරගන්න අහගන්න මං බොහොම කැමතියි..


ඔන්න එහෙනම් නමොවිත්තියෙන් කස්ටිය එකතුවෙන්නකෝ ජීනියස්ගේ බ්ලොගියට..

6 comments:

  1. එල කොල්ලෙක් අපිවත් දාල වෙන රටකට යන්නද හදන්නෙ.කම්ක් නෑ ඉතින් අනාගතේ යහපත් කරගන්නනේ.වෙන රටකට නෙවෙයි කොයි ලෝකෙ ගියත් එලකිරියෙ අපිව අමතක කරන්න එපා.හැමදේම සුභ වෙන්න කියල ප්‍රාර්ථණා කරනවා.මම එලකිරියේ Chooty malli

    http://elakiri.com/forum/member.php?u=273036

    ReplyDelete
  2. අඩේ උඹලව කවදාවත් අමතක වෙන්නේ නෑ මචෝ.. එක දවසක වුනත් අපි ගත්ත ෆන් තාම මතකයි..

    ReplyDelete
  3. එල එල අපේ ඉස්කෝලේ කොල්ලෙක් කරන බ්ලොග් එකක් හින්ද නෑවිත් බෑනෙ ඔන්න මමත් ෆලෝ පාරක් දැම්ම

    ReplyDelete
  4. @ චතුරංග- බොහොම ස්තුතියි මචන්..

    ReplyDelete
  5. affata hudu.. ubath yanawada..?
    Good Luck brother...

    ReplyDelete