Tuesday, December 20, 2011

කැරවන් වංශකතාව




නිසාන් වාහන ලංකාවේ ගොඩක් ජනප්‍රියයි. නිසාන් කියන වෙළඳ නාමය සමග ලංකාවේ අපට බොහොම හුරුපුරුදු නිතර දෙවේලේ මහපාරේ දකින්න පුළුවන් වාහනයක් තමා නිසාන් කැරවන් වෑන් එක.. මේ වර්ගයේ වෑන් එකක නොගිය කෙනෙක් ලංකාවේ නැති තරම්.. මං පුද්ගලිකව බොහොම ආසකරන වාහනයක් තමා කැරවන් එක. ඒ නිසා මං කල්පනා කළා මේ කැරවන් එකේ ඉතිහාසේ ටිකක් අපේ කට්ටිය එක්ක බෙදාහදාගන්න.


අපි පුරුද්දට මේකට කැරවන් කීවට මේක අර්වන්, හෝමි, කිංග් වෑන් ආදී නම් කීපයකින් වෙළඳ පොලට නිකුත් කරලා තියනවා. ඒ වගේම මේකට ලබාදුන්න පහසුකම් හා අංගෝපාංග අනුව DX, GL, GLL, Super GL, VX, VXX, etc ආදී ග්‍රේඩ් වලින් වෙළඳ පොලට නිකුත් කළා.


ඉස්සල්ලම මේ කැරවන් නිෂ්පාදනය පටන් අරන් තියෙන්නේ 1973 එදා ඉඳල අද වෙනකල්ම කැරවන් නිෂ්පාදනය කරනවා. ඔන්න එහෙනම් ඉතිහාසේ මුල ඉඳල කියවන්නකෝ..



E20 (1973 - 1980)






මේක තමා පලවෙනි කැරවන් එක. 1973 තමා මුලින්ම නිෂ්පාදනය කලේ. 1973 සිට 1980 දක්වා මේකේ E20 / E21 / E22 කියන මොඩ්ල් නිෂ්පාදනය වෙලා තියනවා. මේක යුරෝපයේ රටවල් වල ගොඩක් ජනප්‍රිය වෙලා තියනවා වගේම ගිනි නිවන හමුදා විශේෂයෙන් මේක පාවිච්චි කරලා තියනවා. නමුත් මේකේ හෑන්ඩ්ලින් නම් බොහොම අමාරු වෙලා තියනවා පවර් ස්ටියරින්ග් නැති නිසා තවත් වැඩේ අමාරු වෙන්න ඇති.. මේකේ 1.6 litre (1,596 cc), 1.8 litre (1,798 cc), 2.0 litre (1,998 cc) කියන එංජින් ඇවිත් තියනවා.


ඒ කාලේ මේ වෑන් එක කම්පැනි නම ආවේ නිසාන් කියල නෙමේ DATSUN කියල. නිසාන් කියන නම වෙනස් වෙන්නේ 1984 දී




E23 (1980 - 1986)






මේ තියෙන්නේ ඊළඟ කැරවන් පරම්පරාව. මේ කාලේ තමා හෝමි කියන නමිනුත් මේක නිකුත් වෙන්නේ. සිලින්ඩර් 4, SD22 කියන එංජිම සමග වේග 5 හේ මැනුවල් ගියර් බොක්ස් එකකුත් මේ මොඩ්ල් එකට එකතු වෙනවා. මේකේ ලක්ෂරි වර්ෂන් එක එනවා GL කියල ඒකෙ නිසාන්මැටික් කියල ඔටෝ ගියර් බොක්ස් එකක් එක්ක පවර් ස්ටියරින්ග් මේ වාහනේට එකතු වෙනවා. ඒ වගේම 1980-1986 කාලය තුල


1.6 L J16 OHV I4


1.8 L Z18S I4


2.0 L H20 OHV I4


2.0 L Z20S I4


2.0 L LD20T turbo diesel I4


2.2 L SD22 diesel I4


2.3 L SD23 diesel I4


කියන මේ එංජින් වර්ග කැරවන් එකට පාවිච්චි කළා






E24 (1986 - 2001)








මේක තමා අපි නිතරම පාරේ දකින කැරවන් එක. මේ මාර විදියට ජනප්‍රිය වුන මොඩ්ල් එකක් එකනේ 86 ඉඳල 2001 වෙනකල්ම ඇවිත් තියෙන්නේ.මේකේ ඔටෝ, මැනුවල් ගියර් බොක්ස් වර්ග දෙකම ආව මේ එංජින් වර්ග සමග (පෙට්‍රල් එංජින් ආවත් ඒ වර්ග මෙතන දැම්මේ නෑ)


2.3L TD23 diesel I4


2.7L TD27 diesel I4


2.7L TD27T1 turbodiesel I4


3.2L QD32 diesel I4


මාත් 2000 මොඩ්ල් QD32 එංජින් එක තියන කැරවන් එකක් අවුරුදු 4 ක් පාවිච්චි කළා. ආයි කියල වැඩක් නෑ සුපිරිම තමා. සුවපහසුව, හෑන්ඩ්ලින්, පිකප් එහෙම නියමයි.




E25 (2001- මේ දක්වා)






2001 ඉඳල මේ දක්වා මේ මොඩ්ල් එක නිෂ්පාදනය වෙනවා මේ එංජින් වර්ග සමග


3.0L Diesel I4


2.0L I4


2.5L I4


2.4L I4


මේකේ ඇමරිකන් වර්ෂන් එක 2010 නැවැත්තුව. නිසාන් එන්.වී කියල අලුත් රීප්ලේස් වර්ෂන් එකක් ඇවිත් තියනවා. ඒත් ඒ ඇමරිකා කැනඩා වගේ රට වලට විතරයි.. අපි‍ට නම් ඉස්සරහටත් කැරවන් එයි..


මේක දැම්මේ මගේ පුද්ගලික දැනුම හා විකි ගේ දැනුම එකතු කරලා. පින්තුර ඔක්කොම විකිගෙන් ගත්ත ඒවා. කට්ටියම මේ පෝස්ට් එක බලල ඔයාලගේ අදහස් කියල යන්න.. 


ජීනියස්©

18 comments:

  1. eththatama mare maru math godak asa karana wahanayak tama oya....

    ReplyDelete
  2. eththatama mare maru math godak asa karana wahanayak tama oya....

    ReplyDelete
  3. 83 විතර කැරවන් එකක් ගන්නම ගිහින්, අන්තිම මොහොතෙ අදහස වෙනස් කරල, ටොයෝට හයිඒස් එකක් ගත්ත, දෙකම ඒ කාලේ රු/= 125000 ක් විතර. ටොයෝට එකේ ආෆ්ටර් මාකට් [සෙකන්ඩ් හෑන්ඩ්] වැලියු එකක වැඩියි වගේ පෙනුන නිසා තීරණේ වෙනස් කලේ

    [ජීනියස් නිසන් එකට ඇඩ් දාන්නෙ කොමිස් හම්බ වෙනවද...හිකිස්...]

    ReplyDelete
  4. අදනෙ ෆේස් බුක් එකෙන් දැක්කෙ මේ බ්ලොග් එක , හෙමීට පරණ පෝස්ට් ටිකත් කියෝල බලන්නං

    ReplyDelete
  5. නියම වාහනේ... ආයෙ කතා 2ක් නෑ. 1999 ඉඳන් තාම භාවිතා තරනවා. සුපිරි එන්ජින්. විස්තර වලට ස්තූතියි...

    ReplyDelete
  6. කැරවන් එකේ තීන එකම අවුල ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් අඩු කම. ඒ ඇර අනික් එව්වගෙන් හයි ඒස් වලට වඩා එහා. අදයි මෙහෙ ආවෙ. හිමීට නික් එව්වත් බලන්න ඕන.

    ReplyDelete
  7. @ chulpath mendra & Kasun Tharaka අදහස් වලට බොහොම ස්තුතියි.. කැරවන් වලට නියමම එංජිම තමා TD27 පිකප් & ඩීසල් වැඩ නියමෙට

    ReplyDelete
  8. @ ඔබා- ඔබා මාමල කිවොත් ඉතින් කට කැඩිච්ච කතාවක්මනේ.. හිකිස්‌..

    කොහොමත් හයි එස් ආෆ්ටර් මාර්කට් එක ටිකක් වැඩියි. ඕක ලංකාවේ බ්රෝකර්ලා වැඩිපුර වගකියන්න ඕන. ඔය බ්රෝකර්ල වාහන කේවල් කරන හැටි ගැන වෙනම පොස්ට් එකක් දාන්න පුළුවන්. ;)

    ReplyDelete
  9. @ඉන්දික උපශාන්ත- කැරවන් 2000 මොඩ්ල් එකේ ඉඳල ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් ටිකක් හොඳා පරණ මොඩ්ල් වලට වඩා. ටයර් සයිස් එක වැඩි කරලා රෝදෙට ඇන තව් 6 ක් ආව 2000 මොඩ්ල් එකේ. කලින් ඒවා වල ඇන තව් 5 යි

    ReplyDelete
  10. මමත් නිසාන් වාහනයක් භාවිතා කරනවා. මේ සටහන ඉතා වැදගත්

    ReplyDelete
  11. වැදගත් පෝස්ට් එකක් +++++

    ReplyDelete
  12. බ්රෝකර්ල හින්දම වෙන්න බැහැ, මං ඉන්න රටෙත් ජපන් ඒවයින් ටොයෝට තමා මාකට් වැඩිම වාහනේ

    ReplyDelete
  13. @ ඔබා- යා යා.. ඒක ඇත්ත ඒත් අපේ වෑන් එක්ක ගන්න ගිය දවස් වලයි විකුනපු දවස් වලයි බ්රෝකර්ල කියපු කතා ඔය ටොයෝටා නිසාන් කොම්පැනි අයිතිකාරයෝ ඇහුවනම් එහෙම උන් ඒ රටවල් වල වාහන ඩිසයින් කරන්න ලංකාවේ වාහන බ්රෝකර්ල ගන්නවා.

    ReplyDelete
  14. එක මොඩල් එකක නම 'උර්වන්' කියල දාලා තියනවා. එක වැරදියි. නියම නම 'අර්වන්' ඒක හැදුනේ 'Urgent Van කියන වචන දෙක එකතු කරලා. ඒ කාලයේ ඇඩ් එකක් හොයාගෙන බැලුවොත් ඒ බව සඳහන් කරලා තියනවා.

    ReplyDelete
  15. @Anonymous- බොහොම ස්තුතියි නිවැරදි කිරීමට.. මං වැරැද්ද හැදුවා..

    ReplyDelete
  16. වරදක් පෙන්වාදුන් විට එය පිළිගැනීමේ උතුම් ගුණය මම ඉතාම අගය කරනවා. සමහර බ්ලොග් අඩවි වලදී වරදක් පෙන්වාදුන්විට ලැබෙන්නේ කුණුහරප. එහෙත් මම දිගටම හොඳ නරක කියනවා. මගේ වයස අවුරුදු 58ක් සමහරවිට ඔබේ පියාගේ වයසටත් වැඩිද දන්නේ නැහැ. හැබැයි මම දවසකට පැය 10 ක් පමණ අන්තර්ජාලයේ සැරිසරනවා. තවමත් හිතෙන් තරුණ නිසා. ඔබේ බ්ලොග් එක තවත් දියුණු වේවා.

    ReplyDelete
  17. මට ඉස්සෙල්ල කියන්ඩ අමතක වුනා. වෙලාවක් තිබුනොත් මගේ නාකි බ්ලොග් එකටත් ඇවිත් යන්ඩ.
    http://jangun.wordpress.com/

    ReplyDelete